عن أبي قتادة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «الرُّؤْيَا الصَّالِحَةُ -وفي رواية: الرُّؤْيَا الحَسَنَةُ- من الله، والحُلُمُ من الشيطان، فمن رأى شيئًا يَكْرَهُهُ فَلْيَنْفُثْ عن شماله ثلاثا، وَلْيَتَعَوَّذْ من الشيطان؛ فإنها لا تضره». وعن جابر رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «إذا رأى أحدكم الرُّؤْيَا يَكْرَهُهَا، فَلْيَبْصُقْ عن يساره ثلاثا، ولْيَسْتَعِذْ بالله من الشيطان ثلاثا، ولْيَتَحَوَّلْ عن جَنْبِه الذي كان عليه».
[صحيح] - [حديث أبي قتادة: متفق عليه. حديث جابر: رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. දැහැමි සිහිනය තවත් වාර්තාවක අලංකාර සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් යමෙකු තමන් පිළිකුල් කරන සිහිනයක් දුටුවේ නම් වමතට තුන්වරක් පිඹිත්වා! ෂෙය්තාන්ගෙන් ආරක්ෂාව පතත්වා! එවිට නියත වශයෙන්ම එය හානියක් සිදු නොකරනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ අතුරින් කිසිවෙකු පිළිකුල් සහගත සිහිනයක් දුටුවේ නම් තම වම් දෙසට තුන්වරක් කෙළ ගසත්වා! ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් තුන්වරක් පතත්වා! තමන් කවර පැත්තකට ඇළවී සිටියේද එම පැත්තෙන් හැරෙත්වා!
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේ: සැබැවින්ම ෂෙයිතාන්ගේ මුසුවීමෙන් හෝ ඔහුගේ පෙළඹවීමෙන් තොරව දකින දැහැමි හීනය වනාහි එය අල්ලාහ්ගේ ගැත්තන් කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදවල එකතුවයි. එමෙන්ම දේව විශ්වාස වන්තයින් සඳහා වූ ශුභාරංචියයි. නොසැලකිල්ලෙන් සිටින්නවුන් අවදි කිරීමයි. පිටුපාන්නන් කෙරෙහි වූ ඔහුගේ මෙනෙහි කිරීමයි. තවද දුෂ්ට හීන ව්යාකූල සහිත හීන වේ. එය මිනිස් ආත්මයට බලපාන ෂෙයිතාන්ගේ මුසුවීමෙන් වූවකි. එයට එරෙහිවූ ඔහුගේ පෙළඹවීමකි. තැති ගන්වන්නකි. දුක හා ශෝකය උපයා දෙන කරුණු වෙත ගෙන යන්නකි. ඇතැම් විට ශෝකයට පත් වෙයි. ඇතැම් විට රෝගාතුර වෙයි. හේතුව ෂෙය්තාන් මිනිසාගේ සතුරාය. මිනිසාට නපුරක් ඇති කරන එමෙන්ම ඔහුව දුකට පත් කරන දෑ ඔහු ප්රිය කරනු ඇත. මිනිසා තම හීනෙන් තමන්ට පීඩාවක් ඇති කරන තමන් බියට පත් කරන එමෙන්ම දුකට පත් කරන යමක් දුටු වේ නම් ෂෙයිතාන්ගේ කුමන්ත්රණයෙන් හා ඔහුගේ පෙළඹවීම්වලින් ආරක්ෂාව සලසා ගන්නා කරුණු පිළිපැදීම අවශ්ය වේ. ඒ සඳහා වූ ප්රතිකර්ම හදීස් හි පැමිණ ඇති පරිදි මෙසේය: පළමුවැන්න: තම වම් දෙසට තුන්වරක් කෙළ ගැසීම. දෙවැන්න: එහි නපුරෙන් හා බලපෑමෙන් වැළකීමට ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම. තුන්වැන්න: තමන් වම් පැත්තට ඇළවී සිටි විට දකුණු පැත්තට ඇළවීම. දකුණු පැත්තට ඇළවී සිටි විට වම් පැත්තට ඇළවීම. මෙම කරුණු අනුව ක්රියා කළ විට අල්ලාහ්ගේ අනුමැතියෙන් කිසිදු හානියක් ඔහුට සිදු වන්නේ නැත. එය අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ප්රකාශ සත්යය කරවන්නක් බැවිනි. එමෙන්ම තමන් ආරක්ෂා කර ගැනීමේ සාධක තුළින් වඩාත් විශ්වාසනීය සාධකයක් වන බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර