+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا لَقِيَ أَحَدُكُمْ أَخَاهُ فَلْيُسَلِّمْ عَلَيْهِ، فَإِنْ حَالَتْ بَيْنَهُمَا شَجَرَةٌ أَوْ جِدَارٌ أَوْ حَجَرٌ ثُمَّ لَقِيَهُ فَلْيُسَلِّمْ عَلَيْهِ أَيْضًا».

[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 5200]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 5200]

විවරණය

මුස්ලිම්වරයෙක් තම සහෝදරයාව හමුවන සෑම අවස්ථාවකම ඔහුට සලාම් පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය කෙතරම්ද යත් දෙදෙනකු එකට ගමන් කළ ද ගසක්, බිත්තියක්, විශාල ගලක් වැනි යම් බාධකයක් ඔවුන් දෙදෙනා වෙන් කර, පසුව ඔහු ව මුණ ගැසෙන විට නැවත වාරයක් ඔහුට සලාම් දිය යුතුය.

හදීසයේ හරය

  1. සලාම් පතුරුවාලීමේ යෝග්‍යභාවය. තත්ත්වයෙන් තත්ත්වයට වෙනස් වන සෑම අවස්ථාවකම එය නැවත නැවතත් ප්‍රකාශ කිරීම සතුටුදායකය.
  2. සලාම් පැවසීමේ පුරුද්ද හා එය අතිශයෝක්තියට නැංවීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ දැඩි උනන්දුව.
  3. සලාම් යනු 'අස්සලාමු අලයිකුම්' යනුවෙන් හෝ 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ' යනුවෙන් හෝ ප්‍රකාශ කිරීම වේ. පළමු වතාවේ එකිනෙකාට මුණ ගැසෙන අවස්ථාවේ අතට අත දීම නොවේ.
  4. සලාම් යනු ප්‍රාර්ථනාවකි. එය නැවත නැවතත් පැවසුව ද, මුස්ලිම්වරු ඇතැමුන් විසින් ඇතැමුන් හට ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الرومانية المجرية الموري Malagasy Oromo الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර