عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «قال الله عز وجل : كلُّ عَمَل ابن آدَم له إلا الصيام، فإنه لي وأنا أجْزِي به، والصيام جُنَّة، فإذا كان يوم صوم أحدِكُم فلا يَرْفُثْ ولا يَصْخَبْ فإن سَابَّهُ أحَدٌ أو قَاتَلَهُ فليَقل: إنِّي صائم، والذي نفس محمد بيده لَخُلُوفُ فَمِ الصَّائِم أطيب عند الله من رِيحِ المِسْكِ، للصائم فرحتان يَفْرَحُهُمَا: إذا أفطر فَرِح بفطره، وإذا لَقِي ربَّه فَرِح بِصَوْمه». وهذا لفظ رواية البخاري. وفي رواية له: «يَتْرُك طَعَامه، وشَرَابه، وشَهوته من أجلي، الصيام لي وأنا أَجْزِي به، والحسنة بعشر أمثالها». وفي رواية لمسلم: «كلُّ عَمَل ابن آدم يُضَاعَف، الحَسَنة بِعَشر أمْثَالها إلى سَبْعِمِئَة ضِعْف، قال الله تعالى: إلا الصَّوم فإنه لي وأنا أجْزِي به؛ يَدَع شَهَوته وطَعَامه من أجلي، للصائم فرحتان: فَرْحَة عند فِطْره، وفَرْحَة عند لقِاء ربِّه، ولَخُلُوف فيه أطْيَب عند الله من رِيحِ المِسْكِ».
[صحيح] - [الرواية الأولى: متفق عليها. الرواية الثانية: رواها البخاري. الرواية الثالثة: رواها مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ආදම්ගේ පුත්රයාගේ සෑම ක්රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන්ය. ඒ සඳහා ප්රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ හෝ උපවාස දිනය වී නම්, ඔහු නොමනා වදන් කතා නොකළ යුතුය. මහා හඬින් කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග අරගල කරන්නේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුඟද අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි. මෙය බුහාරිහි සඳහන් පද පෙළයි. ඔහු සතු තවත් වාර්තාවක: ‘ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආහාරය ඔහුගේ පානය හා ඔහුගේ ආශාවන් අතහැර දමයි. උපවාසය මා වෙනුවෙනි. ඒ සඳහා මම ම ප්රතිඵල පිරිනමමි. යහපත ඒ හා සමාන දස ගුණයෙකින් පවතී.” මුස්ලිම් සතු වාර්තාවක: "c2">“ආදම්ගේ පුත්රයාගේ සියලු ක්රියාවන් ඒවා හා සමාන දස ගුණයේ සිට හත්සිය ගුණය දක්වා ගුණ කරනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. නමුත් උපවාසය හැර සැබැවින්ම එය මා වෙනුවෙන් වන්නකි. ඒ වෙනුවෙන් මා විසින්ම ප්රතිඵල පිරිනමමි. ඔහු මා වෙනුවෙන් ඔහුගේ අශාවන් හා ඔහුගේ ආහාරය අතහරියි. උපවාස ශීලය රකින්නාට සතුට දනවන අවස්ථා දෙකක් ඇත. එය ඔහු උපවාසයෙන් මිදෙන අවස්ථාවේ ඇති වන සතුට හා තම පරමාධිපති මුණ ගැසෙන අවස්ථාවේ ඇතිවන සතුටයි. ඔහුගේ මුවෙහි දුර්ගන්ධය අල්ලාහ් අබියස කස්තූරි සුවඳට වා සුවඳැතිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම දිව්ය ප්රකාශයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ දන්වා සිටියි: ක්රියාවෙන් හෝ වචනයෙන් හෝ වන; බාහිරයෙන් හෝ ඇතුළතින් වන; අල්ලාහ්ගේ උරුමය හෝ ගැත්තන්ගේ උරුමයන් සමග බැඳුණු සියලුම දැහැමි ක්රියාවන් හත්සීය ගුණය දක්වා ගුණ කරනු ලබනු ඇත. මෙය අල්ලාහ්ගේ භාග්යයේ විශාලත්වය හා ඔහුගේ විශ්වාසී ගැත්තන්හට ඔහු කර ඇති උපකාරය පෙන්වා දෙන අතිමහත් විෂයයකි. ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ පිටුපෑම් එක් ප්රතිවිපාකයක් පත් කොට ඒවාට ඉහළින් උත්තරීතර අල්ලාහ්ගේ සමාව පත් කර ඇත. මෙම හදීසයේ උපවාසයේ ප්රතිඵල වෙනමම සඳහන් කර ඇත. ඊට හේතුව සැබැවින්ම උපවාසකරුට එහි ප්රතිඵල කිසිදු ගනනයකින් තොරව පිරිනමනු ලබන බැවිණි. එනම්, ඔහුට අධික වශයෙන් ගුණ කර දෙනු ලැබේ. සැබැවින්ම උපවාසය ඉවසීමේ වර්ගතුනක් මත ආවරණය කර ඇත. එහි අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීම. අල්ලාහ්ට විරුද්ධවීමෙන් ඉවසීම අල්ලාහ්ගේ නියමයන් මත ඉවසීම. අල්ලාහ්ට අවනතවීමෙහි ඉවසීම වනාහි, ඇතම් විට මිනිසා පිළිකුල් භාවයකින් උපවාසයේ නිරත වෙයි. එය අල්ලාහ් නියම කළ නිසාවෙන් නොව එහි ඇති දුෂ්කරතාව හේතුවෙනි. සැබැවින්ම අල්ලාහ් එය නියම කර ඇති බැවින් මිනිසා උපවාසය පිළිකුල් කළේ නම්, ඔහුගේ ප්රඥාව විනාශ වී ගිය එකක් වනු ඇත. නමුත් ඔහු පිළිකුල් කරන්නේ එහි ඇති දුෂ්කරත්වය නිසාවෙනි. නමුත් ඒ සමගම ඔහු එය උසුලයි. ඔහු අල්ලාහ් වෙනුවෙන් ආහාර පාන ගැනීමෙන් හා විවාහපත් වීමෙන් දුරස්වී ඒවා ඉවසා දරා ගනියි. එබැවින් දිව්ය හදීසයේ අල්ලාහ් මෙසේ ප්රකාශ ඇත. "c2">“ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආහාරය ඔහුගේ පානය හා ඔහුගේ ආශාව අතහැර දමයි.” ඉවසීමේ දෙවන වර්ගය වනාහි: අල්ලාහ්ට පිටුපෑමෙන් ඉවත්ව ඒ මත ඉවසීමය. මෙය උපවාසකරුට සිදුවන දෑය. එබැවින් ඔහු අල්ලාහ්ට පිටුපෑමෙන් දුරස්ව තමන්ව පාලනය කොට ඉවසීමෙන් සිටිය යුතු වේ. නොමනා කතා, නොමනා ක්රියා, අවලාද හා එවන් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිය යුතුයි. තුන්වැන්න: අල්ලාහ්ගේ නියමයන් මත ඉවසීම. සැබැවින්ම මිනිසාට උපවාස දිනයන්හි ඇති වන ඇතැම් දුෂ්කරතා ඇත. විශේෂයෙන්ම උෂ්ණත්වය අධික හා දිගු දිනයන්හි ඔහු වේදනාවට පත්වන මැලිකම, නැඹුරුව, පිපාසය වැනි දෑ සිදුවෙයි. නමුත් ඔහු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඉවසා දරා ගනී. ඉවසීමේ මෙම කරුණු තුන ඇතුළත්වූ කල්හි කිසිදු ගණනයකින් තොරව ඔහුගේ කුසල් පිහිටනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "c2">“ඉවසලිවන්තයිනට ඔවුන්ගේ ප්රතිඵල කිසිදු ගණනයකින් තොරව නියත වශයෙන්ම පූර්ණව දෙනු ලබනු ඇත.” සැබැවින්ම පූර්ණ උපවාසය යනු ගැත්තා එහිදී කරුණු දෙකක් අත්හැරිය යුතු බව මෙම හදීසය පේනවා දෙයි. ආහාර ගැනීම, පානය කිරීම, විවාහය හා ඒ හා බැඳුණු කරුණු අතරින් උපවාසය කඩ කරන හැඟීම් හා සම්බන්ධ කරුණු. නොමනා කතා, නොමනා ක්රියා, අවලාද හා අනෙකුත් සියලු පාපයන්, ක්රෝධය හේතුවෙන් ඇතිවන වාද හා ගැටුම් වැනි ක්රියාවෙන් සිදුවන විරුද්ධවාදීකම්. එබැවින් මෙසේ පවසා ඇත. "c2">“නොමනා දෑ කතා නොකළ යුතුයි”: එනම් අශීලාචාර වදන් කතා නොකළ යුතුයි. අර්බුද හා තර්ක හේතුවෙන් ඇතිවන වදන් කතා නොකළ යුතුයි. එහෙයින් කවරෙකු උපවාසය අවලංගු කරන දෑ අතහැර දැමීම හා තහනම් කරන ලද දෑ අතහැර දැමීම යන කරුණු දෙක සනාත කළේද ඔහුට උපවාසකරුවන්ගේ ප්රතිඵල පූර්ණව හිමි වනු ඇත. කවරෙකු ඒ අනුව කටයුතු නොකළේ ද අධිකව ඔහු විරුද්ධව කටයුතු කළ හේතුවෙන් ඔහුගේ උපවාසයේ ප්රතිඵලයේ හිගයක් වනු ඇත. අනතුරුව උපවසාකරු සමග කිසිවකු වාද කරන අවස්ථාව හෝ බැණ වදින අවස්ථාවක ඔහුට "c2">“සැබැවින්ම මම උපවාසයේ නියැළෙන්නෙකු’ යැයි පවසන මෙන් එතුමා මඟ පෙන්වීය. එනම්, ඔහු බැණ වදිමින් ප්රතිචාර නොදක්වා සැබැවින්ම තමන් උපවාසයේ නිරතවන්නෙකු යැයි ඔහුට දන්වා සිටීමය. එහිදී “නුඹ පවසන දෑට නුඹට මුහුණ දීමට මම නොහැකි කෙනෙකු නොවෙමි. නමුත් මම උපවාසය නිරත වෙමි. මාගේ උපවාසයට මම ගරු කරමි. එහි පූර්ණත්වය ගැන සැළකිලිමත් වෙමි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන නියෝග කර ඇත...’ යනුවෙන් පවසන්නාක් මෙන් බැණ වදින්නා ප්රකෝප වන පරිදි එය නොපැවසිය යුතු වේ. “උපවාසය පළිහකි’ යන ප්රකාශය වනාහි, එනම්: ‘ගැත්තා මෙලොවෙහි පාපකම්වලින් ආරක්ෂා වී යහපත මත ගමන් කිරීමට හැකිවන පරිදි හිමිවන ආරක්ෂාවකි. එමෙන්ම දඬුවමින් ආරක්ෂාවකි.’ “උපවාසකරුට සතුටුදායක අවස්ථා දෙකක් ඇත.: එනම් උපවාසයෙන් මිදෙන අවස්ථාවේ සතුට හා ඔහුගේ පරමාධිපතිව හමුවන අවස්ථාවේ ඇතිවන සතුට” මෙය මෙලොවෙහි හා මතුලොවෙහි හිමිවන කුසල් දෙකකි. මෙලොවෙහි සිදු වන දෑ දෙනෙතට පෙනෙන්නකි. උපවාසකරු උපවාසයෙන් මිදෙන විට, උපවාසය සම්පූර්ණ කිරීම සඳහා අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ බැවින් ඒ ගැන සතුටු වෙති. දහවල් කාලයේ තහනම් කර තිබූ ඔහුගේ ආශාවන් වෙත නැවත නැඹුරු වීමෙන් සතුටු වෙති. මතුලොව වනාහි: අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ ගෞරවය හේතුවෙන් ඔහුගේ පරමාධිපතිව හමුවන අවස්ථාවේ ලබන සතුට. කල්ඇතිව ලැබෙන සතුට ප්රමාද වී ලැබෙන සතුටෙහි ආකෘතියකි. සැබැවින්ම අල්ලාහ් ඒ දෙකම උපවාසකරුට පිරිනමනු ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තමන්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා මෙසේ පැවසීය. "c2">“උපවාසකරුගේ මුවින් හමන දුර්ගන්ධය අල්ලාහ් ඉදිරියේ කස්තූරි සුවඳට වඩා සුවඳැතිය” මුස්ලිම්හි සඳහන් වාර්තාවක: "c2">“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස වඩාත් පිවිතුරුය.” ඒ අනුව මෙලොවෙහි හමන පිළිකුල් සහගත දුර්ගන්ධය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කස්තූරියට වඩා සුවඳැති බවට එය පත්වන තුරු පිවිතුරු කරමින් ඔහුට ප්රතිඵල වශයෙන් පිරිනමනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර