+ -

عَن عَبْدِ اللَّهِ بنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ:
«مَنِ اسْتَطَاعَ البَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ، فَإِنَّهُ لَهُ وِجَاءٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1905]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
"විවාහ දිවිය සඳහා කවරෙකුට ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට, වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්‍රියට ද වඩාත් රැකවරණයක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය යටපත් කරන්නකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1905]

විවරණය

සංසර්ගයේ යෙදීමට ශක්තිය ඇති, විවාහය සඳහා වන වියදම් දැරිය හැකි උදවිය විවාහයක් කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරිමත් කර ඇත්තාහ. සැබැවින්ම එය හරාම් හෙවත් තහනම් දැයින් ඔහුගේ බැල්ම ආරක්ෂා කරයි. ඔහුගේ ලිංගේන්ද්‍රියට රැකවරණය සළසාලයි. අනාචාරයෙන් වළක්වාලයි. කිසිවකුට සංසර්ගයේ යෙදීමට හැකියාව තිබුණ ද, විවාහ වියදම් දැරීමට ඔහුට හැකියාවක් නොමැති නම්, ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ලිංගෙන්ද්‍රියේ හට ගන්නා කාමාශාවන් පාලනය කරනු ඇත.

හදීසයේ හරය

  1. තැන්පත්කමට තුඩු දෙන හා අශීලාචාර දැයින් ආරක්ෂා කරන හේතු සාධක පිළිපැදීමට ඉස්ලාමය දිරිමත් කරයි.
  2. විවාහ වියදම් දැරීමට හැකියාවක් නොමැති උදවිය උපවාසයේ නිරත විය යුතු යැයි පෙන්වා දී ඇත. සැබැවින්ම එය කාමාශාව හීන කරයි.
  3. උපවාසය, 'විජා: වෘෂණ කපා හැරීම' යන අර්ථය දෙන පදයට සමාන කර ඇත්තේ, ලිංගික සංසර්ගය සඳහා ඇති ආශාව එමඟින් අතුරුදහන් වනු ඇත. සැබැවින්ම එය ලිංගික සංසර්ගය සඳහා ඇති ආශාව දුර්වල කරනුයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية الرومانية المجرية الموري Malagasy Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර