عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا نِكاح إلا بِوَلِيّ».
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه والدارمي وأحمد]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “භාරකරුවකු නොමැතිව විවාහයක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
විවාහ ගිවිසුමකදී භාරකරු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැන හදීසය පෙන්වා දී ඇත. සැබැවින්ම එය විවාහය වලංගු වීමේ ද කොන්දේසියකි. එබැවින් විවාහ ගිවිසුමට භාරකාරත්වය දරන භාරකරුවකු නොමැතිව විවාහයක් වලංගු වන්නේ නැත. භාරකරුවකු වීමේ කොන්දේසි වශයෙන් වැඩිවියට පත්ව තිබීම, පිරිමියකු වීම, විවාහ කටයුතු සම්බන්ධ දැනුම ලබා තිබීම භාර කරු හා කටයුත්ත පිළිගන්නා අය එකම දහමක වීම යනාදී කරුණු සැළකේ. මෙම ගුණාංග වලින් විස්තර කරනු නොලැබූ අය විවාහ ගිවිසුමේ භාරකාරත්වයට සුදුසු අය නොවන්නේය. එසේ භාරකරුවකු සෙවීමට දුෂ්කර වූ අවස්ථාවක ඇයගේ භාරකරු වශයෙන් පාලකයා (කාදිවරයා) පෙනී සිටිනු ඇත.