නබි වදන් ලැයිස්තුව

දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් පූර්ණතම අය වනුයේ ඔවුන් අතර සිටින ගතිගුණවලින් වඩාත් අලංකාර අය වෙති. නුඹලා අතර උතුම් වනුයේ තම බිරියන්ට වඩාත් උතුම් වන අය වෙති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කොන්දේසි අතරින් නුඹලා ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ. නුඹලා ලිගෙන්ද්රිය අනුමත කර ගත් දෑය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අවශ්යය කටයුත්තක දී කළ යුතු දේශනය පිළිබඳ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට ඉගැන්වූහ. ඉන්නල් හම්දු ලිල්ලාහි, නස්තඊනුහු, වනස්තග්ෆිරුහු, වනඌදු බිහි මින් ෂුරූරි අන්ෆිසිනා.’
عربي ඉංග්‍රීසි ප්‍රංශ
භාරකරුවකු නොමැතිව විවාහයක් නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දේව විශ්වාස වන්තයා, දේව විශ්වාසවන්තිය ගැන ක්රෝධයක් ඇති කරගත නොයුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළ විට ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත. (තවත් වාර්තාවක) ‘ඒ හැර වෙන් දෙයක්‘ යැයි ද පවසා ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පුරුෂයකු තම අවශ්යතාව සඳහා තම බිරියව ඇරයුම් කළ විට, ඇය ලිප මොළවමින් සිටිය ද ඔහු වෙත ඇය යා යුතු වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන්නෙකි. නායකයා මෙහෙයවන්නෙකි. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ තරුණ ප්රජාවනි, නුඹලා අතරින් කවරෙකුට හෝ විවාහ දිවිය සඳහා ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්රියට ද වඩාත් ආරක්ෂාවක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය කප්පාදු කිරීමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කන්යාවියක් ඇගෙන් අවසර පතන තෙක් විවාහ කර දෙනු නොලැබේ. මෙය අසා සිටි එතුමාණන්ගේ සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇය විසින් අවසරය ලැබිය කෙසේද?” යැයි විමසුහ. එවිට එතුමාණන්: “ඇය නිහඬව සිටීම” (ඇගේ අවසරය) යි" පැවසුහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මෙලොවෙහි කාන්තාවක් තම සැමියාට හිංසා නොකළ යුතුය. එවිට දැකුම්කළු (ස්වර්ග) ලලනාවන් අතුරින් වූ ඔහුගේ (ස්වර්ග) බිරිය, “ඔබ ඔහු පීඩාවට පත් නොකරනු. අල්ලාහ් ඔබට ශාප කරත්වා! සැබැවින්ම ඔහු ඔබ අබියස අමුත්තෙකු පමණි. ඔහු ඔබෙන් වෙන් වී අප වෙත ඉතා සමීපයෙන් පැමිණෙනු ඇත.“ යැයි පවසනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කිසියම් කෙනෙකුට හෝ සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ