عن معاذ بن جبل رضي الله عنه مرفوعاً: «لا تؤذي امرأةٌ زوجَها في الدنيا إلا قالت زوجته من الحُورِ العِينِ لا تُؤْذِيهِ قاتلك الله! فإنما هو عندك دَخِيلٌ يُوشِكُ أن يفارقَكِ إلينا».
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...

මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මෙලොවෙහි කාන්තාවක් තම සැමියාට හිංසා නොකළ යුතුය. එවිට දැකුම්කළු (ස්වර්ග) ලලනාවන් අතුරින් වූ ඔහුගේ (ස්වර්ග) බිරිය, “ඔබ ඔහු පීඩාවට පත් නොකරනු. අල්ලාහ් ඔබට ශාප කරත්වා! සැබැවින්ම ඔහු ඔබ අබියස අමුත්තෙකු පමණි. ඔහු ඔබෙන් වෙන් වී අප වෙත ඉතා සමීපයෙන් පැමිණෙනු ඇත. යැයි පවසනු මිස නැත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මෙලොවෙහි බිරියක් තම සැමියා වේදනාවට පත් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. නියත වශයෙන්ම එම සැමියා මෙලොවෙහි ආගන්තුකයෙකි, අමුත්තෙකි. ඉතා සමීපයෙන් මෙලොවින් සමුගෙන මතුලොවට ගමන් කරනු ඇත. ඔහු ස්වර්ගයට ඇතුල් වී මතුලොවෙහි ස්වර්ග කන්යාවියන්ගේ භාග්යයට හිමි වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර