عن ابن عمر رضي الله عنهما ، قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «كلكم رَاعٍ، وكلكم مسؤول عن رَعِيَّتِهِ: والأمير رَاعٍ، والرجل رَاعٍ على أهل بيته، والمرأة رَاعِيَةٌ على بيت زوجها وولده، فكلكم راَعٍ، وكلكم مسؤول عن رَعِيَّتِهِ». وفي لفظ: «كلكم رَاعٍ، وكلكم مسؤول عن رَعِيَّتِهِ: الإمام رَاعٍ ومسؤول عن رَعِيَّتِهِ، والرجل رَاعٍ في أهله ومسؤول عن رَعِيَّتِهِ، والمرأة رَاعِيَةٌ في بيت زوجها ومسؤولة عن رَعِيَّتِهَا، والخادم رَاعٍ في مال سيده ومسؤول عن رَعِيَّتِهِ، فكلكم رَاعٍ ومسؤول عن رَعِيَّتِهِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන්නෙකි. නායකයා මෙහෙයවන්නෙකි. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත.” තවත් ප්රකාශයක. "c2">“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත. නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ සම්පත් තුළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ආරක්ෂකයෙකු හා විශ්වාසවන්තයකු ලෙස සිටිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පාලකයා තම මෙහෙයවීම ගැන වගකිව යුත්තෙකි. එමෙන්ම මිනිසා තම පවුලට අල්ලාහ්ට අවනත වන මෙන් නියෝග කිරීම අල්ලාහ්ට පිටුපෑමෙන් ඔවුන් වළක්වාලීම ඔවුන් සතු අයිතීන් ඔවුන් මත ක්රියාත්මක කිරීම වැනි දෑ සම්බන්ධයෙන් වගකිව යුත්තෙකි. ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. එමෙන්ම ගැත්තා ඔහුගේ ස්වාපියාගේ වස්තුව මත විශ්වාසවන්තයකු හා ආරක්ෂකයකු ලෙස කටයුතු කළ යුතු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඒ ගැන ඔහු විමසනු ලබනු ඇත. සියලු දෙනාම විශ්වාස කරනු ලැබූවන් වෙති. ඔහු කවර කරුණක් ක්රියාත්ම කරන්නේ ද ඒ කෙරෙහි ආරක්ෂකයකු මෙන් විශ්වාසය තැබූවෙක් වන්නේය. ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශ්න කරනු ලබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර