නබි වදන් ලැයිස්තුව

පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම ධෛර්යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි ද සවන් දී අවනත වන බවටත් අප මත සිදුවන අගතිය(ක් වූවද ඒ) මත රැඳී සිටින බවටත් කටයුතු භාරකරුවන් අදාළ කටයුත්තෙන් ඉවත් නොකරන බවටත් අපි දේව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්රතිඥා දුන්නෙමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නුඹලා මත නායකයින් ක්රියාත්මක කරවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු පිළිකුල් කළේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමා: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය විධිමත්ව ඉටු කරන තාක්කල් යනුවෙන් පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දහම උපදෙසකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයාගේ කටයුතුවලින් යමක් භාරගෙන පසුව ඔහු ඔවුනට දුෂ්කරතා ඇති කළේ ද ඔහුට ද දුෂ්කරතා ඇති කරනු මැනව!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් පාලිත ජනතාව පාලනය කිරීමට සළස්වා ඔහුගේ පාලනයෙහි වංචනිකයකු ලෙස ඔහු මිය යන දින මිය යන්නේ නම් අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අවනත වීමෙන් බැහැර වී; සමාජයෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගියේය. තවද කවරෙකු නොදුටු ධජයක් යටතේ සටන් වැද පක්ෂයට හා පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් වන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹ වෙත පැමිණ නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ ද නුඹලා ඔහුට මරණ දඬුවම ක්රියාත්මක කරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද නියෝග කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔවුහු නුඹලාට සලාතය මෙහෙයවති. ඔවුන් නිවරැදිව කළේ නම් නුඹලාට කුසල් ඇත. ඔවුන් වැරදියට කළේ නම් ද නුඹලාට කුසල් ඇත. නමුත් ඔවුනට විපාකය ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලාගේ පරමාධිපතිව නුඹලා හමුවන තෙක් මොහුගෙන් පසු මොහුට වඩා දරුණු කාලයක් මිස වෙනකක් පැමිණෙන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම)ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු නායකයකුට පක්ෂපාතීව දිවුරුම් දී අතට අත දී තම හදවතේ සාරය ද (අවංකභාවය) ඔහුට පිරිනැමුවේද ඔහු තමන්ට හැකි පමණින් ඔහුට අවනත විය යුතුය. වෙනත් කිසිවකු හෝ ඔහු සමග ගැටුම් ඇති කිරීමට පැමිණියේ නම් එම පිටස්තරයාගේ හිස නුඹලා ගසා දමනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අතරින් කිසිවකු හෝ යම් සේවයක් සඳහා අප පත් කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමගම ඔහු පැමිණෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන්නෙකි. නායකයා මෙහෙයවන්නෙකි. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ දුෂ්කර අවස්ථාවේදී ද ඔබ සතුටුදායක අවස්ථාවේදී ද එමෙන්ම ඔබ උනන්දුවෙන් සිටින විටදී ද ඔබ පිළිකුලෙන් සිටින විට දී ද ඔබ කෙරෙහි බලපෑම් තිබුණ ද සවන් දීමත් අවනත වීමත් ඔබේ වගකීමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා සිටියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්ය වන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු පාලකයාව අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
තම හිස මිදි ගෙඩි මෙන් වූ ඇබීසීනියානු ගැත්තෙකු විසින් ඔබ පාලනය කරනු ලබන්නේ නම්, ඔබ (ඔහුට) සවන් දෙනු. තවද ඔබ අවනත වනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු මට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. තවද කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. එමෙන්ම කවරෙකු ප්රධානියාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මට අවනත විය. තවද කවරෙකු ප්රධානියාට පිටු පාන්නේ ද සැබැවින්ම ඔහු මට පිටුපෑවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතුරින් ශ්රේෂ්ඨතම පාලකයින් වනුයේ ඔබ ඔවුන් ප්රිය කරන අතර ඔවුන් ද ඔබව ප්රිිය කරති. ඔබ ඔවුන් සමග බැඳී කටයුතු කරන අතර ඔවුන් ද ඔබ සමග බැඳී කටයුතු කරති. ඔබ අතුරින් නපුරු පාලකයින් වනුයේ, ඔබ ඔවුන් කෙරෙහි කෝපවන අතර ඔවුන් ද ඔබ සමග කෝප වෙති. ඔබ ඔවුනට දොස් නගන අතර ඔවුන් ද ඔබට දොස් නගති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලින්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට නිකුත් කරනු ලැබෙයි. නමුත් එය මම පිළිකුල් කරමි. එහෙයින් මා පිරිනැමූ දෑහි (පමණක්) අභිවෘද්ධිය ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ