عن معقل بن يسار رضي الله عنه مرفوعاً: «ما من عبد يَسْتَرْعِيْهِ الله رَعِيَّةً، يموت يوم يموت، وهو غاشٌّ لِرَعِيَّتِهِ؛ إلا حرَّم الله عليه الجنة».
[صحيح] - [متفق عليه]
المزيــد ...
මඃකල් ඉබ්නු යසාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් පාලිත ජනතාව පාලනය කිරීමට සළස්වා ඔහුගේ පාලනයෙහි වංචනිකයකු ලෙස ඔහු මිය යන දින මිය යන්නේ නම් අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කවරෙකු පාලිත ජනතාව රවටන්නේ ද ඔහුට මෙම අවවාදය මඃකල් ඉබ්නු යසාර් තුමාගේ හදීසයේ දැක ගන්නට ඇත. “කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් පාලිත ජනතාව පාලනය කිරීමට සළස්වා” එනම් ජනතාව මෙහෙයවීම සඳහා ඔහු වෙත පාලනය ලබා දී තිබීමය. මෙහි පාලනය යනුවෙන් අදහස් කරනුයේ: ඔවුන්ගේ සුබසිද්ධීන් ක්රියාත්මක කිරීම උදෙසා නැගී සිටීමයි. ඔහුට ඔවුන්ගේ කටයුතු පාලනය කිරීමට බලය ලබා දී ඇත. පාලකයා යනුවෙන් අදහස් කරනුයේ: තම පාලනය යටතේ ඇති දෑ විශ්වාසයෙන් යුතුව ආරක්ෂා කරන්නාය. එය ආරක්ෂාවයි. “ඔහු මිය යන දින ඔහුගේ පාලනයෙහි වංචනිකයකු ලෙස” තම පාලිතයින් රවටන්නෙකු ලෙස යන්නයි. “ඔහු මිය යන දින” යනුවෙන් අදහස් කරන්නේ ඔහුගේ ප්රාණය ඉවත් කරන වේලාවයි. මීට පෙර කවර තත්ත්වයක සිටියද එහි පාපක්ෂමාව පිළිගනු ලබන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම පාපක්ෂමාව අයදින්නා වංචාවක් අඩු පාඩුවක් කර ඇති බැවින් මෙම ප්රතිඥාවට සුදුසු අයකු නොවන හේතුවෙනි. එබැවින් කවරෙකු ඔහුගේ පාලනය යටතේ ඔහු විසින් යම් වංචාවකට ලක් වූයේ ද එය පොදු හෝ පුද්ගලික පාලනයක වුව ද එක සමානය. සැබැවින්ම සත්යය කරනු ලබන සත්යවාදියා ශාන්තියට හා සමාදානයට වඩාත් උතුම්ය. “අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.” යන ප්රකාශය තුළින් ඔහු ඔහුට ප්රතිඥා දෙයි. එනම් ඔහුට නොහැකිය යන්නයි. එසේත් නැතහොත් පෙරමුණ ගත්තවුන් සමග පිවිසීමෙන් ඔහුව වළක්වනු ලබන බවයි.