عن عبادة بن الصامت رضي الله عنه قال: بَايَعْنَا رسول الله صلى الله عليه وسلم على السَّمع والطَّاعَة في العُسْر واليُسْر، والمَنْشَطِ والمَكْرَه، وعلَى أَثَرَةٍ عَلَينا، وعلى أَن لاَ نُنَازِعَ الأَمْر أَهْلَه إِلاَّ أَن تَرَوْا كُفْراً بَوَاحاً عِندَكُم مِن الله تَعَالى فِيه بُرهَان، وعلى أن نقول بالحقِّ أينَما كُنَّا، لا نخافُ فِي الله لَوْمَةَ لاَئِمٍ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම ධෛර්යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි ද සවන් දී අවනත වන බවටත් අප මත සිදුවන අගතිය(ක් වූවද ඒ) මත රැඳී සිටින බවටත් කටයුතු භාර තැනැත්තන්, අල්ලාහ් අබියසින් වූ පැහැදිලි සාධක මත ඔබ ඉදිරියේ පැහැදිලි ප්රතික්ෂේපයක් දකිනු ලබන විටක දී හැර අදාළ කටයුත්තෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්ය ප්රකාශ කරන බවටත්. අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් අපි දේව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්රතිඥා දුන්නෙමු.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

(අපි ප්රතිඥා දුන්නෙමු) එනම් සහගාමීහු (රළියල්ලාහු අන්හුම්) ශ්රවණය කරන්නටත් අනුගමනය කරන්නටත් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්රතිඥා දුන්හ. ඊට හේතුවූයේ උත්තරීතර අල්ලාහ් "c2">“අහෝ විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට අවනත වනු. දූතයාණන්ට මෙන්ම නුඹලා අතර විෂය භාර උදවියටත් අවනත වනු.” යැයි පවසා ඇති බැවිණි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් පසුව කටයුතු භාරකරුවන් වනුයේ විද්වතුන් හා පාලකයින් යන දෙවර්ගයයි. විද්වත්හු, දැනුම හා පැහැදිලි කිරීම යනාදී කටයුතු සඳහා භාරව සිටින්නන් හා පාලකයින්, නීති ක්රියාත්මක කිරීම හා ආධිපත්යය දැරීම යන කටයුතු සඳහා භාරව සිටින්නන් වෙති. ‘ශ්රවණය කිරීමටත් අවනත වීමටත් අපි එතුමාට ප්ර්තිඥා දුනිමු’ යනුවෙන් ප්රකාශ වී ඇත. ‘දුෂ්කර හා පහසු අවස්ථාවන්හි’ යන ප්රකාශයෙන් අදහස් කරනුයේ තම අවනතභාවය මූල්යමය පහසුකම් ඇති පොහොසත් අවදියේ වුවද දුප්පත් අවදියේ වුවද එක සමානය යන්නයි. පොහොසෙතුන් වුව ද දුප්පතුන් වුව ද ඔවුන්ගේ කටයුතු භාර උදවියට දිරිමත් හා අධෛර්යමත් අවස්ථාවන්හි ද සවන් දී; ඔවුනට අවනත වීම සඳහා සම්පූර්ණ අවදානය යොමු කිරීම අනිවාර්යය වෙයි. එනම් ඔවුන් ආශා නොකරන ප්රිය නොකරන දෙයක් නියෝග කරනු ලැබ ඒ ගැන පිළිකුල් කළ ද එසේ නැතහොත් ඔවුනට අනුගත වන ඔවුන් ප්රිය කරන දෙයක් නියෝග කරනු ලැබ එහි ඔවුන් උනන්දුවෙන් සිටිය ද ඒ කවර තත්ත්වයක වුව ද යටහත් වීම එක සමානය. ‘අප මත සිදුවන අගතිය(ක් වූවද ඒ) මත රැඳී සිටින’ අගතියක් යනු අප මත කෙරෙන බලකිරීම්ය. එනම් කටයුතු භාර උදවිය මහජන ධනයෙන් හෝ වෙනත් යමකින් හෝ තම පාලනය පදනම් කරගෙන ඔවුන් එමගින් සතුටු වෙමින් ජනතාවට ඒවා අහිමි කර ඔවුන් ඔවුනට අගතියක් සිදු කළ ද ඔවුනට අවනත වීමත් සවන් දීමත් අනිවාර්යය වන්නේය. පසුව ‘අදාළ කටයුත්තෙන් එහි උදවිය ඉවත් නොකරන බව’ යනුවෙන් පවසා ඇත. ඉන් අදහස් කරනුයේ අල්ලාහ් අප මත පාලකයින් ලෙස පත් කළ කටයුතු භාර පාලකයින් අප ඉවත් කර ඔවුන්ගේ විධායක ධූරය පැහැර නොගත යුතු බවයි. එසේ ධූරය ඉවත් කිරීම මුස්ලිම්වරුන් අතර බෙදීම් ඇති කරන්නටත් දරුණු ලෙස අර්බුද ඇති කරන්නටත් බොහෝ සෙයින් නපුරුකම් ඇති වීමටත් මුල් වනු ඇත. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ කාලයේ පටන් අද දක්වාම විෂය භාර නායකයින් ඉවත් කිරීමෙන් මිස ඉස්ලාමීය සමූහය විනාශ වී ගියේ නැත. ‘අල්ලාහ් අබියසින් වූ පැහැදිලි සාධක මත ඔබ ඉදිරියේ පැහැදිලි ප්රතික්ෂේපයක් දකින විටක දී හැර’ යනුවෙන් පවසා ඇත. එය කොන්දේසි හතරක් මත පදනම් වෙයි. ඒවා අප දැක ඒවායෙහි කොන්දේසී සම්පූර්ණ වූ විට විෂයභාර තැනැත්තන් අදාළ ධූරයෙන් ඉවත් කිරීමටත් ඔවුන්ගේ පාලනය ඔවුන්ගෙන් ඉවත් කිරීමටත් අපි උත්සාහ කළ යුතු වේ. එම කොන්දේසි වනාහි: පළමුවැන්න: එවන් දෙයක් දුටුවේ නම් ඒ පිළිබඳ නිසි දැනුමක් තිබිය යුතුය. යම් කරුණක් සිතට හැඟුණු වහාම පාලකයිනට එරෙහිව ඔවුන්ගෙන් ඉවත් වීම සුදුසු නොවන්නේය. දෙවැන්න: ඔබ ඔවුන් තුළ හඳුනා ගත යුත්තේ ප්රතික්ෂේපකත්වය මිස කලහකාරිත්වය නොවේ. කලහකාරිත්වය හේතුවෙන් ඔවුන්ගෙන් බැහැර වීම සුදුසු නැත. ඔවුන් මත්පැන් පානය කළ ද දුරාචාරයේ නිරත වුව ද ජනයාට අපරාධ සිදු කළ ද කටයුතු භාර තැනැත්තන්ගේ එවන් කලහකාරී කටයුතු හේතුවෙන් ඔවුන්ට එරෙහිව නැගී සිට ඔවුන්ගෙන් බැහැර වීම සුදුසු නොවන්නේය. නමුත් පැහැදිලි ප්රතික්ෂේපයක් අප දුටුවේ නම් එවිට පැහැදිලි ලෙසම විරුද්ධත්වය පවතිනු ඇත. තුන්වැන්න: පැහැදිලි ප්රතික්ෂේපය යනු එළිපිටම පැහැදිලිව පෙනෙන දෑය. එහි යම් ව්යාකූලත්වයක් උසුලා ඇත්නම් එය පදනම් කර ගනිමින් ඔවුන්ගෙන් බැහැර වීම සුදුසු නොවන්නේය. එනම්: ඔවුන් සිදු කළ දෙයක් සැබැවින්ම එය ප්රතික්ෂේපයක් යැයි අපට තක්සේරු කළ ද සැබැවින්ම එය ප්රතික්ෂේපයක් නොවන බවක් එහි පවතින්නේ නම් ඔවුන්ව එසේ ඉවත් කිරීම හෝ ඔවුන්ගෙන් බැහැර වීම හෝ සුදුසු නොවේ. ඔවුන් භාරකාරත්වය දරා කරගෙන යන කටයුතු ඔවුනටම අප භාර කළ යුතුය. නමුත් පැහැදිලි යමක් වූ විටෙක, එනම් දුරාචාරය හා මත්පැන් පානය අනුමත කිරීම වැනි ප්රතිපත්තියක් දරන විටෙක ඉවත් විය යුතු වේ. සිව්වැනි කොන්දේසිය: ‘ඔහු විෂයයෙහි අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධකයක් නුඹලා අබියස තිබිය යුතුය.’ යන්නයි. එනම් සැබැවින්ම එය දේව ප්රතික්ෂේපයක් යැයි පෙන්වා දෙන පැහැදිලි සාධකයක් අප වෙත තිබීමය. එය තහවුරු කිරීමේදී සාධකය දුර්වල වී නම් හෝ එහි සාධක ඉදිරිපත් කිරීමෙහි දුර්වලභාවයත් පෙනේ නම් හෝ ඔවුන්ගෙන් එසේ බැහැර වීම සුදුසු නොවන්නේය. එහිදී එසේ ඉවත් වීම බෙහෙවින් හානිදායක වන අතර අතිමහත් කලහකාරී තත්ත්වයක් හට ගැනෙනු ඇත. උදාහරණයක් ලෙස අප මෙය ගතහොත් ඔහුව ඉවත් කිරීමේ හැකියාව අපට ලැබෙන තුරු අරගල ඇති කිරීමට අවසර නැත. ප්රජාවන්ට හැකියාවක් නොමැති නම්, අරගල කිරීමට අවසර නැත. ඊට හේතුව ඇතැම් විට භාරකාරත්වය ඔහුගෙන් ඉවත් කළ විට සෙසු යහපත් කටයුතු ඉටු කිරීමට හා ඔහුගේ ආධිපත්යය සම්පූර්ණ කිරීමට එම අවස්ථාවේ හැකියාවක් නොමැති වන බැවිණි. මෙම කොන්දේසි -විෂයභාර උදවියගෙන් බැහැර වීමේ- අනුමත හෝ අනිවාර්යය කොන්දේසි වේ. නමුත් එහිදී ද ඒ සඳහා හැකියාව තිබීම කොන්දේසියක් වන්නේය. හැකියාවක් නොපවතින්නේ නම් එවිට එසේ බැහැර වීම සුදුසු නොවන්නේය. එය තමන් තමන් විසින්ම විනාශය තුළට ඇද දමන්නකි. එසේ බැහැරවීමේ කිසිදු ප්රයෝජනයක් නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. පාපකාරී නොවන යහපත් කටයුතුවලදී කටයුතුභාර මුස්ලිම් පාලකයින්හට සවන් දීමට හා අවනත වීමට දිරි ගැන්වීම.
  2. හදීසයේ සඳහන් සියල්ලෙහි කීකරු වීමේ ප්ර්තිඵලය නම්, මුස්ලිම්වරුන් එකම ප්රතතිපත්තිමය ප්රකාශයකට එක්රැස් කිරීම සහ ඔවුන්ගේ ඇණියන් අතර පවතින බෙදුම්වාදය හා ගැටුම් හෙළා දැකීමයි.
  3. සත්යය ප්රතික්ෂේප කිරීම සනාථ වී ඇති බවක් පෙනෙන්නට තිබේ නම් මිස විෂයභාර බලධාරීන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම. එසේ සනාථ වී නම් කුමන පරිත්යාගයක් කළත්, ඔවුන් හෙළා දැක සත්යය ජය ගැනීම අවැසිය.
  4. විද්වතුන්ගේ ඒකමතික අදහස අනුව කටයුතුභාර බලධාරීන් අපරාධකරුවන් වුව ද ඔවුනට එරෙහිව ඉවත් වී ඔවුන් සමග සටන් කිරීම තහනම් වේ. ඊට හේතුව ඔවුනට එරෙහිව එසේ ඉවත් වීම ඔවුන්ගේ අපරාධයට වඩා කලහකාරීය. එබැවින් හානිදායක කටයුතු දෙකින් අවම හානිය ඇති දෑ තෝරාගත යුතු වේ.
  5. ප්රධානියෙකුට ප්රතිඥා දීම උත්තරීතර අල්ලාහ්ට අවනත වීමේ කාර්යය තුළ මිස සිදු නොවිය යුත්තකි.
  6. දිරිමත් හා අධෛර්යමත් අවස්ථාවන්වල දී වුව ද පහසු හා අපහසු අවස්ථාවන්වලදී වුව ද තම ආත්ම ආශාවන්ට විරුද්ධ වුව ද යහපත් කටයුතුවලදී ප්රධානියාට අවනත වීම අනිවාර්යය වේ.
  7. කටයුතුභාර නිලධාරීන්ගේ අයිතියට ගරු කිරීම, එනම් පහසු හා දුෂ්කර අවස්ථාවන්වලදී ද දිරිමත් හා අධෛර්යමත් අවස්ථාවන්වලදී ද ජනයා බලපෑමට ලක්වන බලපෑම් තුළ ද ඔවුනට අවනත වීම අනිවාර්යය වන්නේය.