عن عرفجة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: "من أتاكم وأمرُكُم جَمِيْعٌ على رجل واحد، يُريد أن يَشُقَّ عَصَاكُم، أو يُفَرِّقَ جَمَاَعَتَكُم، فاقتُلُوهُ".
[صحيح] - [رواه مسلم]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඉර්ෆිජා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹ වෙත පැමිණ නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ ද නුඹලා ඔහුට මරණ දඬුවම ක්රියාත්මක කරනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපරාධකාර ජනයාට හා මුස්ලිම්වරුන් එක් ප්රධානියකු යටතට එක් වීමෙන් හා ඔවුන් එකමුතු වීමෙන් පසුව ඔවුන්ගේ ඒකීය හඬ වෙන් කිරීමට අපේක්ෂා කරන්නට බලන අයහට මරණ දඬුවම දියත් කිරීම සම්බන්ධයෙන් මෙහි සඳහන්ව ඇත. සැබැවින්ම මුස්ලිම්වරුන් එක් පාලකයකු යටතේ එක්රැස් වී පසුව තමන් මෙහෙය වීම සඳහා එකඟතාව පළ කළ ඔවුන්ගේ නායකයාගෙන් ඔවුන් ඉවත් කිරීමට අපේක්ෂා කරන්නෙකු ඔවුන් වෙත පැමිණියේ නම් ඔහුට දඬුවම් දීම අනිවාර්යය වන්නේය. එය මරණ දඬුවමිකින් හෝ විය හැක. එය ඔහුගේ නපුර වළාක්වාලීමක් හා මුස්ලිම්වරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමක් වශයෙනි.