+ -

عَنْ أُمِّ سَلَمَةَ أُمِّ المُؤمنين رضي الله عنها: أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ:
«سَتَكُونُ أُمَرَاءُ فَتَعْرِفُونَ وَتُنْكِرُونَ، فَمَنْ عَرَفَ بَرِئَ، وَمَنْ أَنْكَرَ سَلِمَ، وَلَكِنْ مَنْ رَضِيَ وَتَابَعَ» قَالُوا: أَفَلَا نُقَاتِلُهُمْ؟ قَالَ: «لَا، مَا صَلَّوْا».

[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙ‌සේ වාර්තා කරන ලදී.
“සැබැවින්ම නුඹලා මත නායකයින් ක්‍රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමාණෝ: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය ඉටු කරන තාක්කල්" යනුවෙන් පැවසූහ.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම නායකයින් අප පාලනය කරනු ඇති බවත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රීයාවන් ආගමට අනුකූල බව අප දන්නා බවත් එයට පටහැනි ඇතැම් දෑ අප ප්‍රතික්ෂේප කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. නමුත් වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මත එය හදවතින් හෝ පිළිකුල් කළේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් හා කුහකකමින් නිදොස් විය. අතින් හෝ වචනයෙන් වැළැක්වීමට හැකියාව තිබී යමෙකු එය ඔවුන්ගෙන් වැළැක්වූයේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් මෙන්ම එයට හවුල් වීමෙන් වැළකෙනු ඇත. නමුත් කවරෙකු ඔවුන්ගේ ක්‍රියාව පිළිගෙන ඒ මත පිහිටා ඔවුන් අනුගමනය කළේ ද ඔවුන් විනාශ වී යන අයුරින්ම ‌ඔහු ද විනාශ වී යනු ඇත.
පසුව ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් "එවැන් ගුණාංග ඇති කටයුතු භාර උදවිය සමග අප සටන් කර, ඔවුන් එයින් වැළැක්විය යුතු නොවේ ද?"' යැයි විමසූහ. එවිට එතුමාණෝ: නැත. නුඹලා අතර ඔවුන් සලාත් ඉටු කරන තාක්කල්' යැයි පැවසූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الدرية الصومالية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වයේ සාධක අතරින් එකක් වනුයේ, සිදු වන්නට යන ගුප්ත දෑ ගැන තොරුතුරු දන්වා සිටීම හා දන්වා සිටි අයුරින්ම ඒවා සිදුවීමය.
  2. පිළිකුල් සහගත දෑ ගැන තෘප්තියට පත්වීම හෝ එයට හවුල් වීම සුදුසු නැත. එය පිළිකුල් කොට වැළැක්විය යුතුය.
  3. ෂරීආ පිළිවෙතට පටහැනි යමක් නායකයින් විසින් අලුතින් බිහි කළ විට, ඒ සම්බන්ධයෙන් ඔවුනට අවනත විය යුතු නැත.
  4. මුස්ලිම් පාලකයන්ට විරුද්ධව කැරලි ගැසීමට අවසර නැත. ‌හේතුව මේ නිසා සිදු වන දූෂණය, ලේ වැගිරීම් සහ ආරක්ෂාව අහිමි වීම නිසාවෙනි. අකීකරු පාලකයන්ගේ නින්දා සහගත හැසිරීම් විඳ දරාගැනීම සහ ඔවුන්ගේ හානිය ඉවසා සිටීම ඊට වඩා පහසු ය.
  5. සලාතය අති වැදගත් කරුණකි. දේව ‌ප්‍රතික්ෂේපය හා දේව අවනතභාවය වෙන් කර දක්වන නිර්ණායක එයයි.
අමතර