عن عائشة رضي الله عنها قالت: مَا رَأَيتُ رسُول الله -صلَّى الله عليه وسلَّم- مُسْتَجْمِعًا قَطُّ ضَاحِكًا حَتَّى تُرَى مِنْهُ لَهَوَاتُهُ، إِنَّمَا كَانَ يَتَبَسَّم.
[صحيح] - [متفق عليه]
المزيــد ...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක තම උගුරු දණ්ඩ දකින තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස සිටිනු මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු ලෙස සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ගාම්භීරත්වය හා තැන්පත්භාවය යන ගුණාංග තුළ නබි තුමාණන්ගේ මඟපෙන්වීම් අතර එක් පැතිකඩක් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ මෙම හදීසය වර්ණවත් කරයි. ඇය මෙසේ පැවසුවාය. "c2">“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක තම උගුරු දණ්ඩ දකින තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස සිටිනු මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු ලෙස සිටියහ.” එනම්, නබි තුමාණන් උගුරු දණ්ඩ පෙනෙන තරමට කට විවෘත කරමින් මහා හඬින් අශීලාචාර ලෙස සිනහසෙන්නෙකු නොවීය. එනමුත් එතුමා මද සිනහ පෑහ. එසේ නැතහොත් තම චාර්වක හෝ රදනක දත් මතු වෙන තරමට සිනහසුනහ. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ගාම්භීරත්වයයි.