عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَوْلَا أَنْ أَشُقَّ عَلَى الْمُؤْمِنِينَ -أَوْ: عَلَى أُمَّتِي- لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلَاةٍ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 252]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 252]
තම ප්‍රජාව අතර දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට දුෂ්කර කාර්යයක් වනු ඇතැයි තමන් බිය නොවී නම්, සෑම සලාත් වාරයකම සිවාක් මගින් දත් මැද කට පිරිසිදු කරන මෙන් ඔවුනට නියෝග කර සිටින බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.