عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقَ رَضيَ اللهُ عنه قَالَ:
نَظَرْتُ إِلَى أَقْدَامِ الْمُشْرِكِينَ عَلَى رُءُوسِنَا وَنَحْنُ فِي الْغَارِ، فَقُلْتُ: يَا رَسُولَ اللهِ لَوْ أَنَّ أَحَدَهُمْ نَظَرَ إِلَى قَدَمَيْهِ أَبْصَرَنَا تَحْتَ قَدَمَيْهِ، فَقَالَ: «يَا أَبَا بَكْرٍ، مَا ظَنُّكَ بِاثْنَيْنِ اللهُ ثَالِثُهُمَا».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2381]
المزيــد ...
අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"අපි ගුහාවේ සිටිය දී, මම හිස ඔසවමින් බහු දේවවාදී විරෝධීන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ කීවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එතුමාණන් මෙසේ ඇසුවේය: "අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී."
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 2381]
මුඃමින්වරුන්ගේ නායකයකු වන අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා හිජ්රත් ගිය අවස්ථාවක මෙසේ පවසා සිටියේය. "අපි ගුහාවේ සිටිය දී, සවුර් ගුහාවට ඉහළින් අපේ හිසට උඩින් බහු දේවවාදී විරෝධීන් සිටිය දී ඔවුන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ පැවසුවෙමි: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. 'අහෝ අබු බකර්, දෙදෙනා ගැන ඔබ සිතන්නේ මන් ද? තුන්වැන්නා ලෙස අල්ලාහ් සිටී.'