1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ඇරයුම සහ ස්වෙච්ඡා සේවය

නබි වදනක් තම හිස මිදි ගෙඩි මෙන් වූ ඇබීසීනියානු ගැත්තෙකු විසින් ඔබ පාලනය කරනු ලබන්නේ නම්, ඔබ (ඔහුට) සවන් දෙනු. තවද ඔබ අවනත වනු.

عن أنس بن مالك رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم : «اسمعوا وأطيعوا، وإن استعمل عليكم عبد حبشي، كأن رأسه زبيبة».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තම හිස මිදි ගෙඩි මෙන් වූ ඇබීසීනියානු වහලෙකු විසින් ඔබ පාලනය කරනු ලබන්නේ නම් ද, ඔබ (ඔහුට) සවන් දෙනු. තවද ඔබ අවනත වනු.

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත

විවරණය

කටයුතු භාර උදවියට සවන්දීම හා අවනත වීම තදින් පිළිපදිනු. මූලික වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ඇබීසිනියානු වහලෙකු වුව ද මැවීමෙන් මිදි ගෙඩියක හිස මෙන් කෙනෙකු වුව ද නුඹලා කෙරෙහි කටයුතු භාරව කටයුතු කරන්නේ නම්, -කටයුතු භාර පුද්ගලයා මූලික වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ඇබීසීනියානුවකු හෝ වහලෙකු හෝ වීම යන්නෙන් පෙන්වා දීම තුළින් අතිශයෝක්තියක් පෙන්වා දී ඇත. ‘පාලයන කරන්නේ නම්” පාලකයා මෙන්ම පාලකයා විසින් පත් කරන නායකයින් මෙහි ඇතුළත් වේ. සැබැවින්ම කිසියම් පාලකයෙක් ජනයා අබිබවමින් ඔවුන් මත භාරකාරත්වය දරමින් ඔවුන්ව පාලනය කරන්නේ නම්, ඔහු අරාබි ජාතිකයකු නොවී ඇබීසීනියානු වහලෙකු වුව ද ඔහුට සවන් දීමත් ඔහුට අවනත වීමත් අප කෙරෙහි අනිවාර්යය වන්නේය. මෙම හදීසය අල්ලාහ්ට පිටුපාන කටයුත්තකදී හැර කටයුතුභාර උදවියට අවනත වීම අනිවාර්යය බව පෙන්වා දෙයි. ඔවුනට අවනත වීමෙහි යහපත, ආරක්ෂාව, පැවැත්ම, නිරවුල්බව, ආශාවන් අනුගමනය නොකිරීම යනාදිය පවතී. නමුත් පාලකයන්ට අවනත විය යුතු කරුණකදී ඔවුන්ට අකීකරු වන්නේ නම්, අවුල් සහගත තත්වයක් ඇති වනු ඇත. මතයක් ඇති සෑම කෙනෙකුම තම තමන්ගේ මතය අගය කරනු ඇත. ආරක්ෂාව අතුරුදහන් වනු ඇත. කටයුතු දූෂිත වනු ඇත. ආරවුල් බහුල වනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية