عن أبي رقية تميم بن أوس الداري رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «الدين النصيحة» قلنا: لمن؟ قال: «لله، ولكتابه، ولرسوله، ولأئمة المسلمين وعامتهم».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ රුකය්යා තමීම් ඉබ්නු අවුස් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි: ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා: අල්ලාහ් වෙනුවෙන් ද ඔහුගේ ග්රන්ථය වෙනුවෙන් ද ඔහුගේ දූතයා වෙනුවෙන් ද මුස්ලිම් සමාජය වෙනුවෙන් ද ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද වේ.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
පිවිතුරු දහම අවංක උපදෙස් සමග පැමිණ එය ක්රියාත්මක කළේය. එබැවින් අපි විශ්වාස කරන්නෙමු. කීර්තිමත් අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනිමු. අඩුපාඩුවලින් අපි ඔහුව පිවිතුරු කරමු. පූර්ණ ගුණාංගවලින් අපි ඔහු සද්ගායනා කරමු. සැබැවින්ම අල් කුර්ආනය කිසිදු නිර්මාණයකින් තොවර පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදනයි. එහි නීති අනුව අපි ක්රියා කරමු. එසේම අපි එය විශ්වාස කරමු. දේව දූතයාණන් ගෙන ආ දෑ සත්යයක් බව අපි ස්ථීර කරමු. ඔහුගේ නියෝග පිළිපදිමු. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමු. මුස්ලිම් ප්රජාව සත්යය මත පිහිටන්නට උපකාර කරමින් හා ඔවුන් නොදැනුවත් දෑ වෙත ඔවුනට මග පෙන්වමින් අපි ඔවුනට උපදෙස් දෙමු. ඔවුනට අමතක වූ හා ඔවුන් අනවධානයෙන් සිටි දෑ අපි ඔවුනට මතක් කරමු. පොදුවේ මුස්ලිම් සමාජය සත්යය වෙත අපි මඟ පෙන්වමු. අපගෙන් හෝ වෙනත් අයගෙන් හිංසාවක් ඇති වීමෙන් අපට හැකිතාක් අපි ඔවුන් වළක්වාලමු. යහපත අපි ඔවුනට විධානය කරමු. අයහපතින් අපි ඔවුන් වළක්වාලමු. ඔවුන් සඳහා වූ උපදෙසෙහි සමස්තය වන්නේ:අප අතරින් සියළු දනන් ප්රිය කරන සෑම කරුණක්ම ඔවුනට ද ප්රිය කිරීමයි.