عن النواس بن سمعان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «البِرُّ حُسْنُ الخُلق، والإثم ما حَاكَ في نفسك وكرهت أن يَطَّلِعَ عليه الناس». وعن وابصة بن معبد رضي الله عنه قال: «أتيت رسول الله -صلى الله عليه وآله وسلم- فقال: جئتَ تسأل عن البِرِّ؟ قلت: نعم، وقال: اسْتَفْتِ قلبك، البِرُّ ما اطمأنت إليه النفسُ واطمأن إليه القلب، والإثم ما حَاكَ في النفس وتَرَدَّدَ في الصدر -وإن أفتاك الناس وأَفْتَوْكَ-».
[حديث النواس: صحيح. حديث وابصة: حسن بشواهده] - [حديث النواس بن سمعان -رضي الله عنه-: رواه مسلم. حديث وابصة -رضي الله عنه-: رواه أحمد والدارمي]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අන්-නව්වාස් ඉබ්නු සම්ආන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“දැහැමිකම යනු: යහපත් සදාචාරයයි. පාපය යනු ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. ජනයා ඒ දෙස බැලීම ඔබ පිළිකුල් කරනු ඇත.” වාබිසා ඉබ්නු මඃබද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණන්: "c2">“ඔබ දැහමි කම හා පාපය ගැන විමසන්නට පැමිණියෙහිදැ?”යි විමසා සිටියහ. මම: ‘එසේය!’ යැයි පැවසුවෙමි. එතුමාණන්: ඔබේ හදවතින් විමසන්න. දැහැමිකම යනු: සිත ඒ ගැන සිත සැනසුමට පත්වන දෑය. හදවත ඒ වෙත තැන්පත් වන දෑය. පාපය යනු: සිත තුළ සැකය ඇති කරන හදවතෙහි කුතුහලය ඇති කරන දෑය. ජනයා ඔබට තීන්දු කළ ද ඔබ ඔබෙන් තීන්දු පතන්න.”
මෙහි වාර්තා සම්බන්ධතාව දුර්වලය. - අහ්මද් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය ‘දැහැමිකම’ විස්තර කර ඇත්තේ යහපත් සදාචාරය යනුවෙනි. එය ගැත්තා හා තම පරමාධිපති සමග හෝ වේවා ගැත්තා හා තම සහෝදර මුස්ලිම්වරයා සමග හෝ වේවා ඔවුන් අතර වන පොදු මුස්ලිම් වරයා හා දේව ප්රතික්ෂේපකයා අතර හෝ වේවා ගුණාංග අතරින් යහපත් යැයි විස්තර කරන ලද සියලුම ක්රියා කාරකම් ආවරණය කරන්නකි. එසේ නැතහොත් දෙවන හදීසය අනුව සිත ඒ වෙත තැන්පත් වන දෑය. එනම් සිත යහපත් ක්රියාවන් හා ප්රකාශයන් වෙත තැන්පත් වීමය. එය සදාචාරය තුළ හෝ ඒ හැර වෙනත් දෑ තුළ හෝ වේවා එක සමානය. පාපය යනු සිත තුළ ඇති වන ව්යාකූලභාවයයි. එය සිත තුළ කකියන සැකය වැනිය. වඩාත් ආරක්ෂිත වනුයේ තමන්ව තහනම් දැහී වැටීමෙන් තමන් ආරක්ෂා කරනු වස් එය අතහැර එයින් දුරස් වීමය. වඩාත් ආරක්ෂිත කරුණ වනුයේ ඒ සියල්ල අතහැර දමා සිත කවර කරුණක් වෙත සැනසුම ලබන්නේ ද ඒ වෙත නැඹුරු වීමයි. මිනිසාගේ හදවත තුළ කකියන දෑ වනාහි එය පාපයයි. එය පාපයක් නොවන බව වෙනත් අය ඔහුට තීන්දු කළ ද එය පාපයකි. සැබැවින්ම එය සිදුවනුයේ අදාළ පුද්ගලයා දේවත්වය විශ්වාස කිරීමෙන් තම හදවත් විවෘත කර ගත් අය අතරින් වී, තීන්දු කරන්නා කිසිදු ආගමික තීන්දුවකින් තොරව තම කැමැත්තට නැඹුරු වීමෙන් හෝ හිතුමතේට හෝ ඔහුට තීන්දු දෙනු ලැබීමෙනි. නමුත් එසේ තීන්දු කරන්නා සතුව ආගමික සාධකයක් වී නම් තීන්දු පත්තනා වෙත අනිවාර්යය වනුයේ ඔහුගේ හදවත විවර නොවුව ද ඒ වෙත නැඹරුවීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර