عَنْ أَبِي العَبَّاسِ سَهْلِ بْنِ سَعِدٍ السَّاعِدِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ، دُلَّنِي عَلَى عَمَلٍ إِذَا عَمِلْتُهُ أَحَبَّنِي اللَّهُ وَأَحَبَّنِي النَّاسُ، فَقَالَ:
«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّكَ اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّكَ النَّاسُ».
[قال النووي: حديث حسن] - [رواه ابن ماجه وغيره بأسانيد حسنة] - [الأربعون النووية: 31]
المزيــد ...
අබුල් අබ්බාස් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මම යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් මට ආදරය කරන, මිනිසුන් ද මට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් මට පෙන්වා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
"මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
[قال النووي: حديث حسن] - [رواه ابن ماجه وغيره بأسانيد حسنة] - [الأربعون النووية - 31]
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට ආදරය කරන, මිනිසුන් ඔහුට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් ඔහුට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි පවතින අමතර දෑ හා මතුලොවෙහි ඔබට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හරින විටෙක, ඇතැම් විට ඔබේ දහමට හානි පමුණුවන දෑ අත්හරින විටෙක, අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මෙලොවෙහි මිනිසුන් අතෙහි ඇති දෑ සමග ඔබ සරලව ජීවත් වූ විටෙක මිනිසුන් ඔබට ආදරය කරනු ඇත. මක්නිසාදයත් ඔවුන් සහජයෙන්ම ඒවාට ප්‍රිය කරන බැවිනි. කවරෙකු ඒ සඳහා ඔවුන් සමග තරඟ කළේ ද ඔවුහු ඔහු සමග ක්‍රෝධය ඇති කර ගනිති. කවරෙකු ඔවුන් වෙනුවෙන් එය අත් හැරියේ ද ඔවුහු ඔහුට ආදරය කරති.