නබි වදන් ලැයිස්තුව

“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත
عربي الإنجليزية الأوردية
අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය
عربي الإنجليزية الأوردية
මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි
عربي الإنجليزية الأوردية
“මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.”
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
عربي الإنجليزية الأوردية
සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”
عربي الإنجليزية الأوردية
කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික”
عربي الإنجليزية الأوردية
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
‘මසීහුද් දජ්ජාල්’ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් කෆී’ (දේවත්වයට කරන සුළු ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කරයි.
عربي الإنجليزية الأوردية
“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න
عربي الإنجليزية الأوردية
අපා ගින්න ස්පර්ශ නොකරන දෑස් දෙකක් ඇත. අල්ලාහ්ට බියෙන් හඬන දෑස හා අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රියේ ගත කරන දෑසය.
عربي الإنجليزية الأوردية
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
عربي الإنجليزية الأوردية
“යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
عربي الإنجليزية الأوردية
කවරෙකු (අල්ලාහ්ට) බිය වූයේ ද ඔහු ඉක්මන් වේ. කවරෙකු ඉක්මන් වූයේ ද ඔහු නිවසට ළඟා වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ඉහළ වටිනාකමින් යුක්ත වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ස්වර්ගය වේ?
عربي الإنجليزية الأوردية
“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත
عربي الإنجليزية الأوردية
ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය
عربي الإنجليزية الأوردية
සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ගැත්තා සලාතය ඉටු කරයි. නමුත් ඔහුට ඒ සඳහා කුසල් සටහන් කරනු ලබනුයේ දහයෙන් එකක්, නවයෙන් එකක්, අටෙන් එකක්, හතෙන් එකක්, හයෙන් එකක්, පහෙන් එකක්, හතරෙන් එකක්, තුනෙන් එකක් හා අඩක් වශයෙනි
عربي الإنجليزية الأوردية
කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව
عربي الإنجليزية الإندونيسية
උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?
عربي الإنجليزية الأوردية
අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී
عربي الإنجليزية الأوردية