عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: "ألا أخبركم بما هو أَخْوَفُ عليكم عندي من المسيح الدجال؟ قالوا: بلى يا رسول الله، قال: الشرك الخفي يقوم الرجل فيصلي فَيُزَيِّنُ صلاته لما يرَى من نَظَرِ رَجُلٍ".
[حسن] - [رواه ابن ماجه]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“‘මසීහුද් දජ්ජාල්’ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් කෆී’ (දේවත්වයට කරන සුළු ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කිරීමයි.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සහගාමීහු ‘මසීහුද් දජ්ජාල්’ගේ අර්බුද ගැන එකිනෙකා මෙනෙහි කර ගනිමින් ඒ ගැන බියෙන් පසුවූහ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දජ්ජාල්ගේ අර්බුදයට ඔවුන් බිය වීමට වඩා ඔවුන් ගැන තමන් බියවන, ප්රවේසම් විය යුතු කරුණක් ඔවුනට දන්වා සිටියහ. එය චේතනාවේ හා මිනිසුනට හෙළි නොවූ අරමුණුවල පිහිටන ආදේශයයි. පසුව එයට විග්රහයක් වශයෙන් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සිදු කරන ක්රියාවන් මිනිසුන්ගේ දැක්ම හේතුකොට ගෙන එය අලංකාරවත් ලෙස ඉටු කිරීම යැයි විස්තර කර සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර