عن عبد الله بن عكيم رضي الله عنه مرفوعاً: «مَنْ تَعَلَّقَ شيئا وُكِلَ إليه».
[حسن] - [رواه أحمد والترمذي]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු තම හදවතින් හෝ ක්රියාවෙන් හෝ ඒ දෙකින්ම හෝ යමක් වෙත යොමු වී එමගින් යහපත සැළසීම හෝ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ ද එය කවර කරුණක් මත සම්බන්ධ කළේ ද ඒ වෙතම අල්ලාහ් ඔහු ව පවරනු ඇත. එබැවින් කවරෙකු අල්ලාහ් සමග කරුණ සම්බන්ධ කළේ නම් ඔහුට ඔහු ප්රමාණවත් වන්නේය. සියලු අපහසුතාවලින් ඔහු ඔහුට පහසුව පිරිනමනු ඇත. නමුත් කවරෙකු අල්ලාහ් නොවන දෙයක් සමග සම්බන්ධ කරන්නේ ද අල්ලාහ් ඒ වෙත ඔහුව පවරන අතර ඔහුට අවමානයට ගෙන දෙනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලාහ් නොවන දැයක් සමග සම්බන්ධ කිරීමේ තහනම.
  2. සියලුම කටයුතු වලදී අල්ලාහ්ව සම්බන්ධ කිරීමේ අනිවාර්යයභාවය.
  3. ආදේශ තැබීමේ හානිය හා එහි විපාකවල නපුර පැහැදිලි කිරීම.
  4. සැබැවින්ම ප්රතිඵලය අදාළ ක්රියාවේ වර්ගයෙන්ම පිහිටයි.
  5. සැබැවින්ම ක්රියාවෙහි ප්රතිඵල ක්රියාව ඉටු කරන්නාට යහපතක් හෝ අයහපතක් වශයෙන් නැවත හැරී එනු ඇත.
  6. අල්ලාහ්ගෙන් හැරී ඔහු හැර වෙනත් අයගෙන් සෙත පතන්නාට අත්වන අවමානය.
අමතර