عن أنس وأبي هريرة رضي الله عنهما مرفوعاً: «لا يُؤْمِنُ أحدُكم حتى أَكُونَ أَحَبَّ إليه مِن وَلَدِه، ووالِدِه، والناس أجمعين».
[صحيح] - [حديث أنس -رضي الله عنه-: متفق عليه. حديث أبي هريرة -رضي الله عنه-: رواه البخاري]
المزيــد ...

අනස් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) යන සහාබාවරුන් විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස වන්තයෙකු වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට මෙම හදීසයේ දන්වා ඇත්තේ සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නා, තම පියාටත් තම දරුවාටත් සෙසු සියලු මිනිසුන්ටත් වඩා දූතයාණන් කෙරෙහි ආදරය ඉදිරිපත් කරන තෙක් සැබැවින්ම ඔහුගේ දේව විශ්වාසය සම්පූර්ණ නොවන බව හා කිසිදු දඬුවමකින් තොරව ස්වර්ගයට පිවිසිය හැකි දේව විශ්වාසය මත ඔහු නොපිහිටන බවයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්ට ආදරය කිරීම යනු අල්ලාහ්ට ආදරය කිරීමකි. ඊට හේතුව දූතයාණන් ඔහු ගැන දන්වා සිටින්නා හා ඔහුගේ දහම වෙත මඟ පෙන්වන්නා වන බැවිණි. ආගමික නියෝග පිළිපැදීමෙන් හා තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් මිස අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කිරීම වලංගු වන්නේ නැත. එය කවි ගෙතීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ ගීත රචනා කිරීමෙන් හෝ සිදු වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කෙරෙහි ආදරය කිරීමේ අනිවාර්ය්යභාවය හා සියලු මැවීම්වලට ආදරය කිරීමට වඩා එතුමාණන්ට ආදරය පිළිගැන්වීම.
  2. සැබැවින්ම සියලු ක්රියාවන් දේව විශ්වාසය මත පිහිටන්නකි. ඊට හේතුව ආදරය හදවතේ ක්රියාකාරිත්වය වන බැවිණි. සඳහන් කරනු ලැබූ දෑට වඩා දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තමන්ට වඩාත් ප්රිය මානප නොවන කෙනෙකුගේ ඊමානය අහෝසි කරනු ලැබ ඇත.
  3. ඊමානය අහෝසි වීම ඉස්ලාමයෙන් බැහැර වීම පෙන්වන්නේ නැත.
  4. නියත වශයෙන්ම සැබෑ දේව විශ්වාසය යනු ඊට අදාළ පුද්ගලයා එහි බලපෑම හෙළි කිරීම අවශ්ය වන්නේය.
  5. තමන්ට, තම දරුවාට, තම පියාට හා සෙසු සියලු මිනිසුන්ට පෙන්වන ආදරයට වඩා අල්ලාහ්ගේ දූතයාණන් වෙත ආදරය පිළිගැන්වීමේ අනිවාර්යභාවය.
  6. ඔබේ ජීවිතයට හා ඔබේ ධනයට වඩා එතුමාට ආදරය පිළිගැන්වීම අනිවාර්යය වන බැවින් ජීවිතය හා ධනය දූතයාණන්ට පුද කිරීම.
  7. අල්ලාහ්ගේ දූතයාණන්ගේ පිළිවෙතට උදව් කිරීමත් ඒ සඳහා තම ජීවිතය, තම ධනය හා තම සියලු ශක්තීන් වැය කිරීමත් මිනිසා කෙරෙහි අනිවාර්යය වන්නේය. ඊට හේතුව එය අල්ලාහ්ගේ දූතයාණන්ට දක්වන පූර්ණ ආදරය වන බැවිණි. ඒ නිසාවෙන් ඇතැම් විද්වත්හු ‘ඉන්න ෂානිඅක හුවල් අබ්තර්’ යන පාඨයට සැබැවින්ම ඔබ සතු අභාග්යවන්තයා ඔබට කෝප වන්නා වේ’ යනුවෙන් අර්ත දක්වා ඇත. ඔවුහු පවසන පරිදි ඔහුගේ පිළිවෙතට කෝප වන්නා ද එලෙසම යන්නයි. ඔහු එහි ඇති යහපත අහිමි කර ගන්නෙකු වේ.
  8. ලේ ඥාතීන්ට ආදරය කිරීමේ, ඔවුනට උපකාර කිරීමේ හා ඔවුනට ගරු කිරීමේ අවසරය. එය “ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක්.’ යන එතුමාගේ ප්රකාශය පෙන්වා දෙයි. ඒ අනුව ආදරයේ මූලය ස්ථීර කර ඇත. එය සහජයෙන්ම පිහිටුනු කරුණකි. කිසිවකු විසින් එය හෙළා දැකිය නොහැක.
  9. සියලු මිනිසුන්ගේ ප්රකාශවලට වඩා දූතයාණන්ගේ ප්රකාශයට ප්රමුඛත්වය දීමේ අනිවාර්යභාවය. ඊට හේතුව සියලු දෙනාට වඩා එතුමාණන්ට ආදරය කිරීම යන කාරණාව අතරට තමන්ටත් සෙසු සියලු දෙනාටත් වඩා එතුමාගේ ප්රකාශයට ප්රමුඛත්වය දීම ද ඇතුළත් වන බැවිණි.
අමතර