عن شهر بن حوشب قال: قلت لأم سلمة رضي الله عنها ، يا أم المؤمنين، ما كان أكثر دعاء رسول الله صلى الله عليه وسلم إذا كان عندك؟ قالت: كان أكثر دعائه: «يا مقلب القلوب ثبت قلبي على دينك».
[صحيح لغيره] - [رواه الترمذي]
المزيــد ...

ෂහර් ඉබ්නු හව්ෂබ් විසින් වාර්තා කරන ලදී. “අහෝ දේව විශ්වාසවන්තයින්ගේ මව්තුමනි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔබ අසළින් සිටින විට අධික ලෙස ප්රාර්ථනා කරමින් සිටියේ කුමක්දැ?යි මට පවසන්නැයි උම්මු සලමා තුමියගෙන් මම විමසා සිටියෙමි. ඇය: එතුමා يا مقلب القلوب ثبت قلبي على دينك “යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” තේරුම: අහෝ හදවත් වෙනස් කරන්නානනි, මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව. යනුවෙන් අධිකව ප්රාර්ථනා කරමින් සිටියහ.
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අධික ලෙස ප්රාර්ථනා කරමින් සිටියේ “යා මුකල්ලිබුල් කුලූබ්” අහෝ හදවත් වෙනස් කරන්නානනි, යනුවෙනි. එනම් එය විටෙක අවනත වන්නටත් පිළිගැනීමටත් තවත් විටෙක පවටත් නොසැලකිලිභාවයටත් වෙනස් කරන්නනි, යනුවෙනි. “මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු” එනම් ඍජු දහමින් හා නිවැරැදි මාර්ගයෙන් ඉවතට නැඹුරු නොවී ඔබේ දහම මත පමණක් ස්ථාවරව පිහිටන්නක් බවට පත් කරනු යන්නයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර