عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: إِنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ:
«إِذَا شَرِبَ الْكَلْبُ فِي إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعًا». ولمسلم: « أولاهُنَّ بالتُراب».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 172]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අතරින් කෙනෙකුගේ භාජනයේ සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හැරිය යුතුය." මුස්ලිම් සතු හදීසයක: "එහි ආරම්භය පසින් විය යුතුය" යැයි සඳහන් වී ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 172]

විවරණය

සුනඛයා උගේ දිව භාජනය තුළට දැමූ විටෙක එය සත් වතාවක් සෝදා හරින මෙන් නබි (සල්ලල්ලාහු අලයහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. ඒ අතරින් පළමු වාරයේ, ජලය යොදා ගැනීමට පෙර පස් එකතු කළ යුතු ය. එවිට එහි අපරිසිදු භාවයෙන් හා එහි හානියෙන් එය පරිපූර්ණ පිරිසිදුභාවය ලබනු ඇත.

හදීසයේ හරය

  1. සුනඛ කෙළ අතිශයින් අපිරිසිදුය.
  2. සුනඛයා භාජනය තුළ ලෙව කෑ විට එය අපිරිසිදු භාවයට පත් වෙයි. එහි ඇති ජලය ද අපිරිසිදු වෙයි.
  3. පස් භාවිතයෙන් හා එය සත්වාරයකින් පිරිසිදු කිරීම සිදුවිය යුත්තේ, බල්ලාගේ මළ මූත්‍රා හා උගෙන් බැහැර වෙන සෙසු අපවිත්‍ර දෑ සම්බන්ධයෙන් නොව, විශේෂයෙන්ම ඌ එය ලෙව කෑ විට එය පිරිසිදු කිරීමට ය.
  4. භාජනය පසින්‌ සේදිය යුතු ක්‍රමය: භාජනය තුළ ජලය යොදා එයට පස් එකතු කර පසුව එම මිශ්‍රණයෙන් භාජනය සෝදා හැරිය යුතුය.
  5. හදීසය පෙන්නුම් කරන්නේ ‌මෙය සියලුම බල්ලන්ට පොදු වූ කරුණක් බවයි. දඬයම, ‌ගොවිබිම් හා සත්ව ගොවිපළ ආරක්ෂා කිරීම වැනි අරමුණු සඳහා යොදා ගැනීමට ආගම අනුමත කළ බල්ලන් සම්බන්ධයෙන් පවා මෙය අනුගමනය කළ යුතු වේ.
  6. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පස ගැන පවසා ඇති බැවින් සබන් ‌හා ශුද්ධකාරක ද්‍රව්‍ය, පසෙහි ස්ථානයේ පිහිටන්නේ නැත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (51)
අමතර