عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:« إذا شَرِب الكلب في إناء أحَدِكُم فَليَغسِلهُ سبعًا». ولمسلم: « أولاهُنَّ بالتُراب». عن عبد الله بن مغفل رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال:« إذا وَلَغ الكلب في الإناء فاغسلوه سبعًا وعفَّرُوه الثَّامِنَة بالتُّراب».
[صحيح] - [حديث أبي هريرة -رضي الله عنه-: متفق عليه. حديث عبد الله بن مغفل -رضي الله عنهما-: رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ කිසිවෙකුගේ භාජනයක සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හරින්න.” ඉමාම් මුස්ලිම් සතු වාර්තාවක: "c2">“ඉන් පළමු වාරය පසින් විය යුතුය” යැයි වාර්තා වී ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මග්ෆල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සුනඛයා බඳුනක ලෙව කෑ විට එය සත් වතාවක් සෝදා හරින්න. අටවැනි වතාවේ එයට පස් ගල්වන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සුනඛයා කිලිටි හා රෝග උසුලන පිළිකුල් සහගත සත්වයින් අතරින් එක් සත්වයකු බැවින් ඌ ලෙව කෑ භාජන සත් වරක් සෝදා හරින්නට ප්රඥාවන්ත නීතිධාරී වන අල්ලාහ් විසින් නියම කර ඇත. ඒවා අතරින් පළමු අවස්ථාවේ පස් මුසු කරනු ලබන අතර ඉන්පසු ජලය යොදා ගැනේ. එවිට එහි පවතින කිලිටි දැයින් හා හානිදායක දැයින් පූර්ණ පිරිසිදුභාවය ලබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර