+ -

عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا أَتَيْتُمُ الغَائِطَ فَلاَ تَسْتَقْبِلُوا القِبْلَةَ، وَلاَ تَسْتَدْبِرُوهَا وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا» قَالَ أَبُو أَيُّوبَ: فَقَدِمْنَا الشَّأْمَ فَوَجَدْنَا مَرَاحِيضَ بُنِيَتْ قِبَلَ القِبْلَةِ فَنَنْحَرِفُ، وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 394]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා ‌නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු.‍ එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 394]

විවරණය

කවරෙකු මලපහ කිරීමට හෝ මූත්‍රා කිරීමට හෝ සිතන්නේ ද ඔහු කඃබා දිශාවෙහි කිබ්ලා දෙසට මුහුණ ලෑම හෝ ඒ දෙසට තම පිටුපස පිහිටන අයුරින් පසුපස ලෑම හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ. එමෙන්ම ඔහුගේ කිබ්ලාව මදීනා වැසියන්ගේ කිබ්ලා දිශාව මෙන් පිහිටා තිබේ නම්, ඔහු නැගෙනහිර හෝ බටහිර දිශාවට හැරිය යුතු ය. පසුව අබූ අය්යූබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: ඇත්තෙන්ම ඔවුන් සිරියාවට පැමිණි කල්හි, එහි තම අවශ්‍යතා ඉටු කිරීම සඳහා කඃබා දිශාවට මුහුණ ලා තනන ලද වැසිකිලි දකින්නට විය. එවිට ඔවුහු ඔවුන්ගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටි අතර ඒ සමගම ඔවුහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටියහ.

හදීසයේ හරය

  1. මෙහි ප්‍රඥාව වනුයේ කඃබාව උසස් කොට සැලකීම හා එයට ගෞරව කිරීමය.
  2. වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කළ ස්ථානයෙන් පිටත් වූ පසු ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව ඉල්ලා සිටීම.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ තිබූ අලංකාර ය. එතුමාණන් තහනම් කරන ලද දෙයක් කළ කල්හි, ඒ සමගම අනුමත දෙයක් වෙත මඟ පෙන්වා සිටියහ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර