+ -

عَنْ أَبِي قَتَادَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا يُمْسِكَنَّ أَحَدُكُمْ ذَكَرَهُ بِيَمِينِهِ وَهُوَ يَبُولُ، وَلَا يَتَمَسَّحْ مِنَ الْخَلَاءِ بِيَمِينِهِ، وَلَا يَتَنَفَّسْ فِي الْإِنَاءِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 267]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ කතාදා අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 267]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් විනයන් පිළිබඳ පැහැදිළි කර සිටියහ. ඒ අනුව මිනිසෙකු මූත්‍රා කරමින් සිටින අවස්ථාවේ තම දකුණතින් ලිංගය ඇල්ලීම හා ඉදිරිපස හෝ පසුපස තැවරී ඇති අපිරිසිදු දේ දකුණතින් ඉවත් කිරීම එතුමාණෝ තහනම් කළහ. සැබැවින්ම දකුණත ගරු කටයුතු සඳහා නිර්මාණය කරනු ලැබූවකි. එමෙන්ම පානය කරන භාජනයට හුස්ම හැරීම ද එතුමාණෝ තහනම් කළහ.

හදීසයේ හරය

  1. ආචාර විධි (විනයන්) සහ පිරිසිදුකම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ප්‍රමුඛත්වය පැහැදිලි කිරීම.
  2. අපිරිසිදු දැයින් වැළකී සිටීම, එය ඉවත් කිරීමට සිදු වූ විට, වමතින් එය සිදු කළ යුතු ය.
  3. දකුණතට හිමි මහිමය හා එය වමතට වඩා උතුම් බව පැහැදිලි කිරීම.
  4. ඉස්ලාමීය ආගමික නීතිවල පවතින පූර්ණත්වය හා එහි ඉගැන්වීම්වල පවතින පුළුල්භාවය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර