عَنْ عَلِيٍّ رضي الله عنه قَالَ:
كُنْتُ رَجُلًا مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِي أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الْأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ: «يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ». وَلِلبُخَاريِّ: فَقَالَ: «تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 303]
المزيــد ...

අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“මම ශ්‍රාවය අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ දියණිය සිටින ස්ථානය ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. එනිසා මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. එවිට හෙතෙම එතුමාණන්ගෙන් විමසූ විට එතුමාණෝ: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා වුළු ධෝවනය කර ගනු ඇත'යි පැවසීය.” බුහාරි හි සඳහන් වාර්තාවක: ‘වුළූ ධෝවනය කර ගන්න. එමෙන්ම ඔබ ඔබේ ලිංගේන්ද්‍රිය ද පිරිසිදු කර ගන්න' යනුවෙන් වාර්තා වී ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 303]

විවරණය

තමන් අධික ලෙස ශ්‍රාවය පිටවන අයකු වූ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටියේය. -එනම් කාමාශාව හටගන්නා අවස්ථාවක හෝ සංසර්ගයේ නියැළීමට පෙර ලිංගේන්ද්‍රියෙන් පිටවන ඇළවෙන සුළු සුදු පැහැති සිහින් දියරයයි.- එය පිටවීමත් සමග තමන් කටයුතු කළ යුත්තේ කෙසේදැ?යි එතුමා නොදැන සිටියේය. නමුත් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසීමට එතුමා ලැජ්ජ විය. හේතුව එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක වූ ෆාතිමාගේ ස්වාමිපුරුෂයා වූ බැවිනි. එබැවින් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන මෙන් එතුමා මික්දාද් ඉබ්නු අල්-අස්වද්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා පසුව වුළූ ධෝවනය කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට පිළිතුරු දුන්හ.

හදීසයේ හරය

  1. අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. කිසියම් මාර්ගයකින් හෝ වේවා ප්‍රශ්න අසා සිටීමෙන් එතුමා ව ලැජ්ජාව වැළැක්වූයේ නැත.
  2. නීතිය ගැන විමසා සිටීමට නියෝජිතයෙකු පත් කිරීමේ අවසරය.
  3. යහපත උදෙසා මිනිසකු තමන් ලැජ්ජා වන දෙයක් තමන් වෙනුවෙන් විමසා සිටීමේ අවරසය.
  4. මදී හෙවත් ශ්‍රාවය අපවිත්‍රය. ශරීරයේ හෝ වස්ත්‍රයේ හෝ තැවරුණු විට එය සෝදා හැරීම අනිවාර්යය වේ.
  5. ශ්‍රාවය පිටවීම වුළූ අවලංගු කරවන කරුණකි.
  6. තවත් හදීසයක සඳහන් කර ඇති පරිදි ලිංගේන්ද්‍රිය සහ වෘෂණ කෝෂ සේදීම අනිවාර්ය වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර