1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් කවරෙකු (අල්ලාහ්ට) බිය වූයේ ද ඔහු ඉක්මන් වේ. කවරෙකු ඉක්මන් වූයේ ද ඔහු නිවසට ළඟා වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ඉහළ වටිනාකමින් යුක්ත වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ස්වර්ගය වේ?

عن أبي هريرة رضي الله عنه مرفوعاً: «مَنْ خَافَ أَدْلَجَ، ومَنْ أَدْلَجَ بَلَغَ المنْزِلَ، أَلَا إِنَّ سِلْعَةَ اللهِ غَالِيَةٌ، أَلَا إِنَّ سِلْعَةَ اللهِ الجَنَّةُ».

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු (අල්ලාහ්ට) බිය වූයේ ද ඔහු ඉක්මන් වේ. කවරෙකු ඉක්මන් වූයේ ද ඔහු නිවසට ළඟා වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ඉහළ වටිනාකමින් යුක්ත වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ස්වර්ගය වේ”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත

විවරණය

කවරෙකු උත්තරීතර අල්ලාහ්ට බිය වූයේ ද ඔහු පාපයන්ගෙන් දුරස් විය යුතුය. ශුද්ධ වූ අල්ලාහ්ට අවනත වීමෙහි පරිශ්රමය යෙදවිය යුතුය. අල්ලාහ් අබියස ඇති වස්තුව ඉහළ වටිනාකමින් යුක්තය. එය තම ජීවිතය හා ධනය වියදම් කිරීමකින් තොරව එහි වටිනාකමට සමාන නොවන උතුම් ස්වර්ගයයි.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية