+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَن توضأ فأحسنَ الوُضوء، ثم أتى الجمعةَ فاسْتمعَ وأَنْصَتَ غُفِرَ له ما بينه وبين الجمعة وزيادةُ ثلاثة أيام، ومَن مَسَّ الحَصا فقد لَغا».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු වුළූ ධෝවනය කර; එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර; පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේ ද සැබැවින්ම ඔහු නාස්ති කර ගත්තේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු වුළූ ධෝවනය කර; ඊට අදාළ මූලිකාංගයන් පූර්ණව ඉටු කරමින් එහි පිළිවෙත් හා එහි විනයන් පිළිපදිමින් එම වුළූ ධෝවනය නිසි ලෙස සිදු කර; පසුව ජුමුආ සලාත් ඉටු කිරීම සඳහා මස්ජිදයට පැමිණ වලංගු කතාවෙන් පවා නිහඬව සිටියේ ද ඔහුගේ සුළු පාපකම් ජුමුආ සලාතය අවස්ථාවේ හා එම දේශනය පවත්වන අවස්ථාවේ සිට පසුගිය ජුමුආවෙහි වේලාව මෙන් දක්වා හා ඊට අමතරව තවත් දින තුනක පාපකම් සඳහා පාපක්ෂමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේ ද ඒ අර්ථයෙන්ම කවරෙකු දේශනාව අතරවාරයේ එවන් කඩාකප්පල් කටයුත්තක් සිදු කරන්නේ ද ඔහු ජුමුආවෙහි ප්රතිඵල අහිමි කර ගත්තේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර