عن أبي هُرَيْرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «من اغتسل يوم الْجُمُعَةِ غسل الجنابة، ثم راح في الساعة الأولى فكأنما قرّب بَدَنَة، ومن راح في الساعة الثانية فكأنما قرَّب بقرة، ومن راح في الساعة الثالثة فكأنما قرَّب كَبْشا، ومن راح في الساعة الرابعة فكأنما قرَّب دَجَاجَةً، ومن راح في الساعة الخامسة فكأنما قرَّب بَيْضة، فإذا خرج الإمام حضرت الملائكة يستمعون الذِّكْرَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ජනාබත් හෙවත් (අඹුසැමි ඇසුරෙන්) අනිවාර්යය වන ස්නානය ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ස්නානය කිරීමේ මෙන්ම ජුමුආ සලාතය සඳහා කල් ඇතිව පිටත්ව යෑමේ හා ඉන් ලැබෙන මහිමයේ ස්ථාවරයන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ විග්රහ කර සිටියහ. එනම් ජුමුආ දිනයේ සලාතය සඳහා පිටත්ව යෑමට කවරෙකු ස්නානය කොට පසුව ඒ සඳහා ආරම්භක වේලාවේම පිටත්ව ගියේ ද ඔහුට අල්ලාහ් වෙනුවෙන් ඔටුවකු කපා දන් දුන් අයකුට හිමි ප්රතිඵල මෙන් වූ ප්රතිඵල හිමි වන්නේය. ඉන්පසු කවෙරෙකු දෙවැනි හෝරාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පරිත්යාග කළ මහිමය ලබනු ඇත. කවරෙකු තුන්වන හෝරාවේ පිය නැගුවේ ද ඔහු අං දෙකක් ඇති බැටළුවෙකු දන් දුන්නා හා සමාන වන්නේය. බොහෝ විට එය බැටළුවන් අතරින් වඩාත් උතුම් වඩාත් යහපත් වේ. කවරෙකු සිව් වැනි හෝරාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පරිත්යාග කළා හා සමාන වන්නේය. කවරෙකු පස්වන හෝරාවේ ගමන් කළේ ද ඔහු බිත්තරයක් පරිත්යාග කළා හා සමාන වන්නේය. එසේම දේශනාව හා සලාතය සඳහා ඉමාම්වරයා පිටත්ව ගිය විට සහභාගී වන්නන් පිළිබඳ සටහන් කිරීමට පැවරුනු මලක්වරුන් එම දෙසුම සවන් දෙන්නට හැරී යනු ඇත. ඔවුන් හැරී යාමෙන් පසුව කවරෙකු පැමිණෙන්නේ ද දන්දී පරිත්යාග කරන්නන් අතරට ඔවුන් ලියනු ලබන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර