عن أبي هُريرة رضي الله عنه مرفوعًا: «إذا قلتَ لصاحبك: أَنْصِتْ يوم الجمعة والإمام يَخْطُبُ، فقد لَغَوْتَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. - මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි. "c2">“ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි ඔබ ඔබේ මිතුරාට පැවසූ විට සැබැවින්ම ඔබ එය නිෂ්ඵල කර ගත්තේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ජුමුආවෙහි සංඛේත අතරින් වඩාත් වැදගත්ම සංඛේතය වනුයේ එදින දේශනා දෙකය. මිනිසුන්ට උපදෙස් දීම හා ඔවුනට මඟ පෙන්වීම මෙමගින් අපේක්ෂා කරනු ලැබේ. දේශකයා වෙනුවෙන් ඔහුගේ උපදෙස පරිශීලනය කිරීමට හැකි පරිදි ඒ දෙකෙහිම නිහඬතාව රැකීම ශ්රාවකයා සතු අනිවාර්යය විනයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ‘නිහඬවනු’ වැනි ඉතා කුඩා ප්රකාශයක් වුව ද කතා කිරීමෙන් වළක්වාලීයේ එබැවිණි. ඉමාම් දේශනා කරමින් සිටියදී කවරෙකු කතා කරන්නේ ද සැබැවින්ම ඔහු එය නිෂ්ඵල කර ගත්තේය. ජුමුආහි මහිමය අහිමි කර ගත්තේය. ඊට හේතුව ජුමුආ දේශනාවට සවන් දීමෙන් ඔහුවත් සෙසු අයවත් එමගින් වෙනතකට යොමු කර ඇති බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ජුමුආ දිනයේ දේශකයා වෙනුවෙන් නිහඬතාව රැකීම අනිවාර්යය වේ. එය අනිවාර්යය බවට ආගමික විද්වතුන් ඒකමතිකව තීන්දු කර ඇත.
  2. දේශනාවට සවන් දෙන අවස්ථාවේ කතා කිරීම තහනම් වේ. සැබැවින්ම එය එහි ගෞරවය පහ කරන්නේකි. පිළිකුල් සහගත දෙයක් වැළැක්වීම, සලාමයට ප්රචතිචාර දැක්වීම, කිඹුහුම් යවා අල්ලාහ්ව ප්ර ශංසා කළ තැනැත්තාට පිළිතුරු සැපයීම වැනි දෑ වුවද නොකළ යුත්තකි. වෙනත් අය සමග කතාබහත් ඇති වන සියල්ල ද තහනම් වේ.
  3. මෙයින් ඉමාම් සමග කතා කරන්නා හා ඉමාම් කවරෙකු සමග කතා කරන්නේ ද ඔහු ද ව්යතිරේකයක් වන්නේය.
  4. දුරින් සිටින හේතුවෙන් දේශකයා වෙත සවන් දීමට නොහැකි උදවියත් ව්යතිරේක වන බව විද්වතුන් දන්වා ඇත. එහෙයින් ඔහු නිහඬව සිටිය යුතු නැත. ඔහු කුර්ආන් සද්ගායනා කිරීම දික්ර් කිරීම වැනි දෑහි නිරත වෙයි. බිහිරිබව හේතුවෙන් සවන් දිය නොහැකි පුද්ගලයා වනාහි, ඔහු අවට සිටින්නන් වෙනතකට යොමු වනු වස් අල් කුර්ආනය හඬින් සද්ගායනා කිරීම යුතු නොවන්නේය. එය පිහිටිය යුත්තේ තමන්ට පමණක් ඇසෙන අයුරිනි.
  5. කතා කරන්නා සතු විපාකය වනුයේ ජුමුආහි මහිමය අහිමි වී යාමය.
  6. දේශනා දෙක අතර කතා කිරීමට අනුමැතිය ඇත.
  7. ඉමාම් දේශනය කරමින් සිටියදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය ප්රකාශ වූයේ නම් රහසිගතව ඔබ සලවාත් හා සලාම් පැවසිය යුතුයි. හදීසයන් අනුව ක්රියා කිරීමේ මහිමය ඔබට අත් වන්නේය. ප්රාර්ථනාවට ආමීන් පැවසීමද එලෙසමය.
අමතර