عن أبي هريرة رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم إذا كَبَّرَ في الصلاة سكت هُنَيْهَةً قبل أن يقرأ، فقلت: يا رسول الله، بأبي أنت وأمي، أَرَأَيْتَ سُكُوتَكَ بين التكبير والقراءة: ما تقول؟ قال: أقول: اللَّهُمَّ باعد بيني وبين خطاياي كما باعدت بين المشرق والمغرب. اللهم نَقِّنِي من خطاياي كما يُنَقَّى الثوب الأبيض من الدَّنَسِ. اللهم اغْسِلْني من خطاياي بالماء والثَّلْجِ وَالْبَرَدِ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬව සිටියි. එවිට මම: “අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද? යැයි විමසා සිටියේය. එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ අහෝ, අහෝ දෙවියනි, සුදු වස්ත්රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි, මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතය සඳහා ආරම්භක තක්බීරය පැවසූ විට සූරා අල් ෆාතිහා සද්ගායනා කිරීමට පෙර මද වේලාවක් එතුමාගේ හඬ පහත් කරන්නෙකු වූහ. සැබැවින්ම එතුමා නිහඬව සිටින කාලය තුළ යමක් කියවනු එතුමාගේ සහගාමීහු දුටුහ. ඊට හේතුව සැබැවින්ම සලාතය යනු සවන් දීමට මිස නිහඬතාව රැකිය නොහැකි මුළුමණින්ම මෙනෙහි කරනු ලබන නැමදුමක් බැවින් හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ චලනය හේතුවෙන් ඔහු යමක් පාරායනය කරන බව දුටු බැවින් විය හැක. අබූ හුරෙයිරා දැනුමට හා නබි චරිතයට ආශා කළ බැවින් ‘අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව හා පියා ඔබට කැප කරමි. තක්බීර් පැවසීම හා අල් කුර්ආන් සද්ගායනාව අතර රකින මෙම නිහඬතාව අතර ඔබ පවසා සිටිනුයේ කුමක් දැයි විමසා සිටියේය. එවිට එතුමා: අහෝ දෙවියනි, සුදු වස්ත්රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි, මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව! මෙම ප්රාර්ථනාව ගෞරවණීය ස්ථානයක දෙවියන් හමුවේ නැගී සිටින ස්ථානයක ඉතාමත් උචිත අවස්ථාවක කෙරෙන පැතුමකි. සැබැවින්ම සලාතය ඉටු කරන්නා තම පාපකම් මකා දමන මෙන් ද නැගෙනහිර හා බටහිර අතර කිසිදා හමු නොවන්නාක් සේ එය හා ඔහු අතර නැවත හමු නොවන දුරකින් දුරස් කර මෙන් ද සුදු වස්ත්රයකින් කිලිටි ඉවත් කරන්නාක් සේ ඔහුගෙන් පාපකම් හා වැරදි ඉවත් කරන ඒවායින් තමන්ව පිරිසිදු කරන මෙන් ද ඔහුගේ වැරදි සෝදා හරින මෙන් ද ඒවා ජලය, පිණිකැට, සීත ජලය යන පිරිසිදු කාරකවලින් එහි පවතින භයානකකම හා උණුසුම සිසිල් කරන මෙන් ද කරන පැතුමක් වන බැවිනි. මෙම උපමා කිරීම් උපරිම මට්ටමෙන් පිහිටා ඇත්තකි. මෙම ප්රාර්ථනාව හේතුවෙන් පාපකම්වල සළකුණුවලින් පිරිසිදු වී අල්ලාහ් ඉදිරියේ පූර්ණ ස්වභාවෙයන් සිට ගනී. වඩාත් උචිත වනුයේ සඳහන්ව පැමිණ ඇති සියලු ප්රාරම්භක ප්රාර්ථනාවන් මිනිසා ක්රියාවට නැංවීමය. විටෙක මෙය ද තවත් විටෙක තවත් ප්රාර්ථනාවක් ද පැවසිය යුතුයි. ඒවායින් මෙම අබූ හුරෙයිරා විසින් වාර්තා කළ හදීසය වඩාත් නිවැරදි වූවද. සියල්ල දන්නා අල්ලාහ්ය!

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර