عن ابن عباس رضي الله عنهما أن النبي صلى الله عليه وسلم كان يقول بين السَّجدتَين: «اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා දෙක අතර: "c2">“අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී -යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා "c2">“අල්ලාහුම්ම-ග්ෆිර්ලී” යනුවෙන් පවසන්නෙකු වූහැයි ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙහි දන්වා සිටියි. එනම් අනිවාර්යය සලාතය හා අතිරේක සලාතය යනුවෙන් වෙන් නොකර සෑම සලාතයකම සජදා දෙක අතර මෙම ප්රාර්ථනාව උසුරන්නෙකු ලෙස එතුමා සිටියහ. සලාතය යනු මුළුමණින්ම දික්ර් අල් කුර්ආන් කියවීම වේ. ‘අල්ලාහුමග්-ෆිර්ලී -යා අල්ලාහ් මට සමාව දෙනු මැනව!-"c2">“ යන්නෙහි තේරුම මගේ පව් හේතුවෙන් මා ග්රහණය නොකර ඒවා වසන් කරනු මැනව! යන්නයි. “වර්හම්නී - මට කරුණා කරනු මැනව!” යනු: මාගේ දහමෙහි ඇතිවන හානිදායක හා සැකයන්ගෙන්ද මගේ ශරීරයේ ඇතිවන ලෙඩ රෝගවලින් ද මාගේ මොළයේ ඇතිවන ඔල්මාදකම හා උමතු බවින්ද මට සැනසුම හා සුවය ලබා දෙනු මැනව! රෝග අතරින් බරපතළම රෝගයේ හදවතේ ඇතිවන රෝගයයි. එය නොමග යවන සුළු සැකයන් හා විනාශ කරන සුළු ආශාවන්ගෙන් විය හැක. "c2">“වහ්දිනී -මට මග පෙන්වනු මැනව!-” මග පෙන්වීම දෙආකාරයකි: ඒ දෙකින් පළමුවැන්න: සත්යය හා නිවැරදි දෑ වෙත මග පෙන්වීමයි. සැබැවින්ම මෙය මුස්ලිම්වරයාට මෙන්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නාට ද ඇති වන්නකි. (සැබැවින්ම සමූද් ජනයා වනාහි අපි ඔවුනට මග පෙන්වූයෙමු) (ෆුස්සිලත්: 17) එනම්: සත්යය වෙත අපි ඔවුනට මග පෙන්වා දුන්නෙමු යන්නයි. දෙවැන්න පිළිගැනීමේ හා ආශිර්වාදයේ මග පෙන්වීම. මෙය ඊමාන් වාසීන්හට හැර වෙනත් කිසිවකුට ඇති වන්නේ නැත. මෙහිදී අපේක්ෂා කරනු ලබනුයේ මෙයයි. එහි තේරුම: ‘මට සත්යය වෙත මග පෙන්වා එහි මා ස්ථාවර කරනු මැනව’ යන්නයි. “වර්සුක්නී -මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!- එනම් මා පෝෂණය කරනු මැනව යන්නයි. එනම් මෙලොව ජීවිතයේ ඔබේ මැවීම්හි අවශ්යතාවන්ගෙන් තොර අයකු බවට මා පත් කරනු මැනව! ඔබ ආශිර්වාද කළ ඔබේ ගැත්තන්ට සූදානම් කර ඇති දෑ මෙන් මතුලොවෙහි අතිමහත් පෝෂණ සම්පත් මට පිරිනමනු මැනව.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. වෙනත් හදීස්වල සඳහන් පරිදි සජදා දෙක අතර වාඩිවීමෙහි මද වේලාවක් රැඳීම ආගමානුගත කරන ලද්දකි.
  2. සජදා දෙක අතර ‘රබිබිග් ෆිර්ලී - මාගේ පරමාධිපතියාණෙනි, මට සමාව දෙනු මැනව!’ හෝ අල්ලාහුම්මග් ෆිර්ලී - අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව!’ යන ප්රකාශ භාවිත කොට ප්රාර්ථනා කිරීමේ අනිවාර්යයභාවය.
  3. වඩාත් උචිත වනුයේ සජදා දෙක අතර ප්රාර්ථනාවන් සඳහන් වී ඇති පරිදිම ගෙන ඒමය. නමුත් එහි යමක් අඩු වැඩි වුවහොත් ඔහුගේ සලාතය අවලංගු වන්නේ නැත.
අමතර