عن عبد الله بن عمر -رضي الله عنهما- أن النبي -صلى الله عليه وسلم- كان يرفع يديه حَذْوَ مَنْكِبَيْهِ إذا افْتَتَحَ الصلاة، وإذا كبّر للرُّكُوعِ ، وإذا رفع رأسه من الركوع رَفَعَهُمَا كذلك، وقال: سَمِعَ الله لمن حَمِدَهُ رَبَّنَا ولك الحمد، وكان لا يفعل ذلك في السُّجُودِ.
[صحيح.] - [متفق عليه.]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ. එතුමා සුජූද්හි එලෙස සිදු නොකළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සලාතය යනු අති වැදගත් නැමදුමකි. ශරීරයේ ඇති සෑම අවයවයකටම එහි විශේෂ නැමදුම් ක්රියාවක් ඇත. ඒ අතුරින් අත් දෙකද අවයවය දෙකකි. ඒ දෙකට ඇතැම් කාර්යයන් ඇත. එ්වා අතුරින් ආරම්භ තක්බීරය අවස්ථාවේ එම දෑත් එසවීමය. එසේ එසවීම සලාතය අලංකාරවත් කරන්නකි. තවද අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමකි. දෙඅත් තම උරහිසට සමාන්තරව එසවීම සිදු විය යුතුය. එමෙන්ම සියලුම රකආතයන්හි රුකූ සඳහා යන විට දෑත් එසවිය යුතුය. සෑම රකආතයකම රුකූවෙන් තම හිස ඔසවන විටද දෑත් එසවිය යුතුය. මෙම හදීසයේ රාවි වරයා ඉතා ප්රසිද්ධියේ පවසා ඇත්තේ, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නැමෙන විටත් පහළට එන විටත් සුජූද් හි එසේ සිදු නොකළ බවය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පාඤ්ඤ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් හින්දි උයිගුර්
අර්ථ කථන නිරීක්ෂණය