عن ابن عباس رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «أمِرْت أن أسْجُد على سَبْعَة أعَظُم على الجَبْهَة، وأشار بِيَده على أنْفِه واليَدَين والرُّكبَتَين، وأطْرَاف القَدَمين ولا نَكْفِتَ الثِّياب والشَّعر».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“නළලත් සමග තම නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු තම අතින් පෙන්වා ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. වස්ත්රය හෝ කෙස් හෝ අප එකතු නොකළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම: ‘මම සුජූද් කරන්නට අණ කරනු ලැබුවෙමි’ තවත් වාර්තාවක ‘අප අණ කරනු ලැබුවෙමු’ තවත් වාර්තාවක ‘නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අණ කළහ’ යනුවෙන් සඳහන් වී ඇති. මේ වාර්තා තුනම ඉමාම් බුහාරි සතු වාර්තා වෙති. ආගමික නීතිය වනුයේ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා යමක් නියෝග කළේ නම් එය එතුමාට මෙන්ම එතුමාගේ ජන සමූහයාට පොදු වූ කරුණක් වීමය. ‘ශරීර අවයව හතක් මත’ එනම්: සැබැවින්ම මම අවයව හතක් මත සුජූද් කරන්නට අණ කරනු ලැබුවෙමි යන්නයි. අවයව යනුවෙන් අදහස් කරනු ලබනුයේ වෙනත් වාර්තාවල විස්තර කරන පරිදි සුජූද් කරන අවයව වෙති. පසුව එතුමා මෙසේ විස්තර කළේය. "c2">“නළල මත” යනු නාසය සමග විය යුත්තකි. එය ‘එතුමා තම නාසය අතින් පෙන්වා’ යන පාඨයෙන් පෙන්වා දෙයි. එසේ එතුමා නාසය පෙන්වූයේ නාසය හා නළල එකම අවයවයක් බව පැහැදිලි කිරීමටය. ‘දෙඅත්’ යනු අතේ ඇතුලු පැත්ත (අල්ල) යන්නයි. එය පොදුවේ අපේක්ෂා කෙරෙන කරුණකි. ‘දණහිස දෙක හා දෙපා ඇගිලි තුඩු’ යනු දණහිස් දෙක මත හා දෙපා ඇගිලි තුඩු මත සුජූද් කිරීමට මම නියෝග කරනු ලැබුවෙමි යන්නයි. ‘සිෆතුස් සලාත්’ යන මාතෘකාව යටතේ අබූ හුමෙයිද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කළේය. (තම පාද ඇගිලි කිබ්ලාවට මුහුණ ලෑම) එනම් සුජූද් කරන්නා පිළිබඳවය. "c2">“වස්ත්රය හෝ කෙස් හෝ අප ළං කර නොගන්නටත්” අල්-කෆ්ත් යනු: එකතු කිරීම, සම්බන්ධ කිරීම යන්නයි. මින් අදහස් කරනුයේ රුකූවෙහි හෝ සුජූද් හි හෝ වස්ත්රය හෝ හිසකෙස් හෝ පොළොවට වැටුන ද ඒ දෙක එකතු නොකර ළං නොකර තම සම්පූර්ණ ශරීරය සමගම සුජූද් කරනු වස් තිබෙන තත්ත්වයේ තිබෙන්නට ඉඩ හැරීමයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සලාතයේ ශරීර අවයව හතක් මත සුජූද් කිරීමේ අනිවාර්යභාවය. ඊට හේතුව එම නියෝගයේ මූලය අනිවාර්යය වන බැවිණි.
  2. නාසයෙන් තොරව නළල මත පමණක් හෝ නළලින් තොරව නාසය මත පමණක් හෝ සුජූද් කිරීම සුදුසු නොවන්නේය. ඊට හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නළල ගැන සඳහන් කරන විට නාසය ද පෙන්වා දී ඇති බැවිණි.
  3. තම අවයව සියල්ල මත සුජූද් කිරීම අනිවාර්යය වේ. ඉන් සමහරක් මත පමණක් සුජූද් කිරීම ප්රමාණවත් වන්නේ නැත. නළල ඉඩ හැකි හැම අවස්ථාවකම පොළොව මත තබයි.
  4. හදීසයේ මතුපිටින් පෙනෙන අදහස වනුයේ මෙම අවයව අතරින් කිසිවක් නිරාවරණය කිරීම අනිවාර්යය නොවන බවයි. සැබැවින්ම ඊට හේතුව ඒ මත සිදු කරන ක්රියාවලියට සුජූද් යනුවෙන් නම් තබා ඇති බැවිනි. එසේ නම් තැබීමෙන් එය ආවරණයෙන් තොරව තැබිය යුතු බව තහවුරු කරයි. දණහිස් දෙක නිරාවරණය කිරීම අනිවාර්යය නොවන බවට කිසිදු මතභේදයක් නැත. හේතුව එසේ නිරාවරණය කිරීම අනිවාර්යයෙන් වැසිය යුතු ප්රදේශ නිරාවරණය වීමේ බියක් ඇති බැවිණි. එමෙන්ම මේස් සපත්තු පැළද සලාත් ඉටු කිරීමට අනුමැතිය ඇති බැවින් පාද දෙක ද එලෙසමය.
  5. සලාතයේදී විහිඳී පවතින ඇඳුම එකතු කර ගැනීමේ පිළිකුල.
  6. කොණ්ඩය කරකවා පිටුපසට ගැට ගැසීමේ පිළිකුල්භාවය. ඔහු සලාතය අදහස් කළ ද එසේ නොවී සලාතයට පෙර වෙනත් අදහසක් මත සිදු කොට කිසිදු බලපෑමකින් තොරව එම තත්ත්වයේ පසු වුව ද එක සමානය.
අමතර