عن عبد الله بن مَسْعُود رضي الله عنه قال: عَلَّمَنِي رسول الله صلى الله عليه وسلم التَّشَهُّد، كَفِّي بين كفيه، كما يُعَلِّمُنِي السورة من القرآن: التَّحِيَّاتُ للَّه، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السلام عليك أيها النبي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين، أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله». وفي لفظ: «إذا قعد أحدكم في الصلاة فليقل: التحيات لله...» وذكره، وفيه: «فإنكم إذا فعلتم ذلك فقد سَلَّمْتُمْ على كل عبد صالح في السماء والأرض ...» وفيه: « ... فَلْيَتَخَيَّرْ من المسألة ما شاء».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල් කුර්ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: අත්තහයියාතු ලිල්ලාහි වස්සලාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු. තේරුම: සියලු පඬුරු අල්ලාහ්ටම ය. සියලු ආශිර්වාදයන් හා සියලු පිවිතුරු දෑ ද අල්ලාහ්ටම ය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය අත්වේවා! අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද අත්වේවා! අප වෙතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙතත් ශාන්තිය අත් වේවා! නැමදුම ට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ දහම් දූතයා බවත් මම සාක්ෂි දරමි. තවත් ප්රකාශයක ‘නුඹලා අතරින් කිසිවකු හෝ සලාතය සඳහා වාඩි වූ විටෙක ඔහු අත්තහිය්යාතු පවසත්වා! යැයි පවසා එය කියවා පෙන්වූහ. “නියත වශයෙන්ම නුඹලා මෙය කළෙහු නම් අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම නුඹලා සලාම් පැවසුවෙහුය යැයි සඳහන් ව ඇත. එහි තවදුරටත් ‘ඔහු කැමති දේ ඉල්ලීමට ඔහු තෝරා ගනිත්වා !’
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

රකආත් හතරක හෝ රකආත් තුනක සලාතයන්හි ආරම්භ ඉඳුමෙහි තෂහ්හුද් පවසන ආකාරයත් රකආත් දෙකක සලාතයන්හි අවසන් ඉඳුමෙහි තෂහ්හුද් පවසන ආකාරයත් තමන්ට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉගැන්වූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් තුමා විසින් පවසා සිටියි. එතුමා තෂහ්හුද් උගන්වන විට තම අත ඔහුගේ අත තුළ දමා ප්රවේසමෙන් ඉගැන්වූහ. අල්ලාහ්ට ගරුබුහුමන් දැක්වීමෙන් එය ආරම්භ විය. එය පොදු ගරුබුහුමන් දැක්වීමකි. සැබැවින්ම ආශිර්වාදයන්හි උරුමයත් සෙසු නැමදුම්වල උරුමයත් වචනයෙන් ක්රියාවෙන් හා ගුණාංගයෙන් වඩාත් යහපත් දෑහි උරුමයත් අල්ලාහ් සතුය. අල්ලාහ් වෙත ප්රශංසා කිරීමෙන් පසුව දෙවනුව නබි -සල්ලල්ලාහු අල්යිහි වසල්ලම් තුමා වෙනුවෙන් අනතුරු හා අඩුපාඩුවලින් සැනසුම ලබන්නට ප්රාර්ථනා කරනු ලැබේ. එතුමාණන් වෙනුවෙන් කරුණාව හා යහපතත් ඒවා තුළින් පූර්ණත්වයත් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරනු ලැබේ. පසුව තමන් වෙනුවෙන් හා සලාතය සඳහා සහභාගී වන මිනිසුන් හා මලක්වරුන් වෙනුවෙන් ප්රාර්ථනා කරනු ලැබේ. මිනිසුන්, ජින්නුන්, අහස් හා මහපොළොවෙහි වෙසෙන මලක්වරුන්, පෙරගාමීන් හා පසුගාමීන් යන සියලු දෙනා අතරින් දැහැමියන් වෙනුවෙන් එම ප්රාර්ථනාව පොදුතාවයක් ගනී. මෙය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ රුවන් වැකි අතරින් විය. පසුව ෂහාදාව මගින් ෂාක්ෂි දරා ඇත. එනම් සැබැවින්ම අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවකු නොමැති බවය. සැබැවින්ම මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ට ගුණාංග දෙකක් සතුය. ඒ දෙකින් පළමුවැන්න: ගැතිභාවයේ ගුණාංගයෙන් වර්ණනා කොට තිබීම හා දෙවැන්න: දූත මෙහෙවරයේ ගුණාංගයෙන් වර්ණනා කොට තිබීම. මෙම ගුණාංග දෙක ගෞවරයට පත් කිරීමේ ගුණංග වේ. එමෙන්ම අතිශයෝක්තිය හා පහත් තත්ත්වය අතර මධ්යස්ථව පිහිටන්නකි. තෂහ්හුද් සඳහා විවිධ ප්රකාශයන් පැමිණ ඇත. ඒවා අතරින් වඩාත් ශ්රේෂ්ට වනුයේ සංස්කාරක විසින් ඉදිරිපත් කර ඇති ඉබ්නු මස්ඌද් තුමා පැවසූ තෂහ්හුදය වෙයි. වෙනත් ක්රමවලින් නිවැරැදි දෑ ගෙන ඒමට අනුමැතිය ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර