+ -

عن عبد الله بن عَبَّاس رضي الله عنهما قال: أقبلْتُ راكبا على حِمار أَتَانٍ، وأنا يومئذ قد نَاهَزْتُ الاحْتِلامَ، ورسول الله صلى الله عليه وسلم يصلِّي بالناس بِمِنًى إلى غير جِدار، مررتُ بين يدي بعض الصفّ، فنزلت، فأرسلتُ الأَتَانَ تَرْتَعُ، ودخلتُ في الصفّ، فلم يُنْكِرْ ذلك عليَّ أحد.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මම බූරු දෙනක් මත වාඩි වී ඉදිරියට පැමිණියෙමි. -එකල මම වැඩිවියට පත්වන්නට සමීප වයසක පසුවූයෙමි.- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මිනාහි කිසිදු තිරයකින් තොර ව ජනයාට සලාතය මෙහෙයවමින් සිටියහ. ඇතැම් පේළි අතරින් මම පැමිණියෙමි. පසු ව මම බැස, බූරු දෙන තණ බුදින්නට යවා, පේළිය තුළට අවතීරණය වූයෙමි. නමුත් කිසිවකු ඒ සම්බන්ධයෙන් මා වැළැක්වූයේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. අවසන් හජ් වන්දනාවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමඟ මිනාවෙහි සිටියදී බූරු දෙනක් මත වාඩි වී තමන් ඉදිරියට පැමිණියේය. ඇතැම් පේළි අතර ඌ ගමන් කරන්නට විය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම සහාබාවරුන්ට සලාතය මෙහෙයවමින් සිටියහ. එතුමා ඉදිරියේ කිසිදු බිත්තියක් නොවීය. පසුව තමන් එම බූරු දෙනගෙන් බැස ඌ තණ බුදින්නට අතහැර දැමීය. පසුව පේළි අතරට පිවිසුණේය යැයි එතුමා දන්වා සිටියහ. රළියල්ලාහු අන්හු තුමා තව දුරටත් තමන් ඒ අවස්ථාවේ වැඩිවියට පත්වීමට සමීප වයසක පසු වූ බවත් දන්වා සිටියහ. එනම් සලාතය ඉටු කරන්නන් හට එය ඉටු කිරීමෙන් කඩාකප්පල් කාරී පිළිකුල් සහගත යම් ක්රියාවක් තමන් සිදු කර ඇත්නම් එවන් අවස්ථාවක තමන් වළක්වනු ලබන වසයක පසුවූ බවයි. එසේ තිබියදීත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හෝ එතුමාගේ සහාබාවරුන් අතුරින් කිසිවකු තමන් වැළැක්වූයේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර