عن أبي هريرة رضي الله عنه مرفوعاً: «أما يخشى الذي يرفع رأسه قبل الإمام أن يُحَوِّلَ الله رأسه رأس حمار، أو يجعل صورته صُورة حمار؟».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ බිය විය යුතු නොවේ ද?”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සලාතයේ ඉමාම්වරයකු පත් කරනු ලබනුයේ ඔහුව පිළිපඳින්නටය. ඔහු විසින් මෙහෙයවන්නටය. එනම්, ඔහුගේ චලනයට පසුව මඃමූන්ගේ චලනය පිහිටන අයුරිනි. එවිට අනුගමනය කිරීම එමගින් තහවුරු වනු ඇත. නමුත් මඃමූම්වරයකු ඉමාම්ට පෙර යමක් සිදු කරන්න්නේ නම් ඉමාමත් යන්නෙන් බලාපොරොත්තු වන දෑ අතපසු වී යනු ඇත. එහෙයින් ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස බූරුවකුගේ හිස මෙන් අල්ලා පත් කරනු ඇතැයි හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුව මෙන් පත් කරනු ඇතැයි යනුවෙන් දැඩි අවවාදය පැමිණ ඇත. අලංකාර හැඩය අවලස්සන හැඩයක් බවට පත් කරනුයේ ඔහුගේ හිස වෙනස් කිරීමෙනි. හේතුව එම අවයවය සලාතයේදී කඩාකප්පල් ක්රියාවක් සිදු කර ඇති බැවින් ඒ සඳහා වූ ප්රතිවිපාකයක් වශයෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර