عَنْ وَابِصَةَ رضي الله عنه:
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلًا صَلَّى وَحْدَهُ خَلْفَ الصَّفِّ، فَأَمَرَهُ أَنْ يُعِيدَ صَلَاتَهُ.
[حسن] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [مسند أحمد: 18000]
المزيــد ...
වාබිසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.
[حسن] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [مسند أحمد - 18000]
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ පසුපසින් තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක, ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. ඊට හේතුව ඔහුගේ සලාතය එම තත්ත්වයේ වලංගු නොවන බැවනි.