+ -

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«سَوُّوا صُفُوفَكُمْ، فَإِنَّ تَسْوِيَةَ الصَّفِّ مِنْ تَمَامِ الصَّلَاةِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 433]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 433]

විවරණය

තමන්ගේ පේළි නිවැරදිව සකසා ගන්නා මෙන් ද කිසිවෙක් කිසිවකුට වඩා ඉදිරියෙන් හෝ පසුපසින් නොසිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කරන්නන් වෙත නියෝග කළ අතර සැබැවින්ම එසේ සමාන්තරව පේළි සකසා ගැනීම සලාතයේ සම්පූර්ණත්වයේ හා පූර්ණවත්භාවයේ කරුණක් බවත් පේළි අතර ඇදය තිබීම එහි අඩුවක් හා අසම්පූර්ණත්වයක් බවත් පෙන්වා දුන්හ.

හදීසයේ හරය

  1. සලාතය පූර්ණවත් වන සෑම කටයුත්තක් ගැනම අවදානය යොමු කිරීම හා සිදුවන අඩුපාඩුවලින් දුරස්වීම ආගමානුගත කරන ලද්දකි.
  2. ආගමානුගත කිරීමේ ප්‍රඥාව පැහැදිලි කිරීම සඳහාත් (දෙනු ලබන තීන්දු) පිළිපැදීමට ආත්මාවන් ධෛර්යමත් කිරීම සඳහාත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉගැන්වීමේ දී තීන්දුව එහි හේතු සාධකය සමග සම්බන්ධ කරමින් පැහැදිලි කිරීමේ ප්‍රඥාව.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර