عن عطاء بن يسار وأبي هريرة رضي الله عنه مرفوعاً: "اللهم لا تجعل قبري وثنا يُعبد، اشتد غضب الله على قوم اتخذوا قبور أنبيائهم مساجد".
[صحيحان] - [حديث عطاء بن يسار: رواه مالك. حديث أبي هريرة رضي الله عنه: رواه أحمد]
المزيــد ...

අතා ඉබ්නු යසාර් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“අහෝ අල්ලාහ්! මාගේ මිනීවල නැමදුම් ලබන ස්මාරකයක් බවට පත් නොකරනු මැනව! තම නබිවරුන්ගේ මිනීවළවල් දේවස්ථාන ලෙස ගත් ජනයා කෙරෙහි අල්ලාහ්ගේ උදහස දැඩි විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - අහ්මද් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම ප්රජාව තම මිනීවළ සම්බන්ධව කටයුතු කිරීමේදී යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ මිනීවළවල් සමග කටයුතු කළ අයුරින්ම කටයුතු කරනු ඇතැයි බිය වූහ. ඔවුන් ඒවා ස්මාරක බවට පත් වන තුරු ඒවා සම්බන්ධයෙන් අතිශයෝක්ති ලෙස කටයුතු කළෝය. එහෙයින් එතුමා තම පරමාධිපති වෙත බැගෑපත්ව කණ්ණලව් කරමින් තම මිනීවළ එලෙස පත් නොකරන මෙන් ප්රාර්ථනා කළහ. පසුව එතුමා යුදෙව්වන්ට හා කිතුනුවන්ට සේන්දු වූ දැඩි උදහස හා ශාපයට හේතුව දන්වා සිටියහ. එනම් සැබැවින්ම ඔවුන් තම ශාස්තෘවරුන්ගේ මිනීවළවල් නැමදුම් ලබන ස්මාරක බවට පත් කර ගන්නා තෙක් කටයුතු කිරීමය. අවසානයේ ඔවුන් ඒකදේවත්වයට විරුද්ධ මහත් දේව ආදේශය තුළට ඇඳ වැටුණහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ශාස්තෘවරුන්ගේ මිණීවලවල් සම්බන්ධයෙන් අතිශයෝක්ති ලෙස කටයුතු කිරීම ඒවා නැමදුමට ලක් වන ස්මාරක බවට පත් කරනු ඇත.
  2. සැබැවින්ම මිනීවළවල් දේවස්ථාන ලෙස තෝරා ගැනීම ඒවාට අතිශයෝක්ති ලෙස කටයුතු කිරීමකි. එය දේව ආදේශය වෙත යොමු කරනු ඇත.
  3. අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහුගේ කෝපය නම් ගුණාංගය පිහිටන බව ස්ථීර කිරීම.
  4. මිනීවළවල් ගරුබුහුමන් කිරීම සඳහා ඒවා අධිෂ්ඨාන කරගෙන යාම ඒවාට කරන නැමදුමකි. එවිට අදාළ පුද්ගලයා උත්තරීතර අල්ලාහ්ට සමීප වූ අයකු වුව ද එය දේව ආදේශයක් බවට පත් වනු ඇත.
  5. මිනිවළවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
  6. මිනීවළවල් අසල සලාත් ඉටු කිරීම එය දේවස්ථානයක් ලෙස ඉදි නොකර තිබුණද තහනම් වන්නේය.
අමතර