عن عدي بن حاتم رضي الله عنه : "أنه سمع النبي صلى الله عليه وسلم يقرأ هذه الآية: "اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلاَّ لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا لا إِلَهَ إِلاَّ هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ" فقلت له: إنا لسنا نعبدهم، قال: أليس يُحَرِّمُونَ ما أحل الله فتُحَرِّمُونَهُ؟ ويُحِلُّونَ ما حَرَّمَ الله فتُحِلُّونَهُ؟ فقلت: بلى، قال: فتلك عبادتهم".
[صحيح] - [رواه الترمذي]
المزيــد ...
අදී ඉබ්නු හාතිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ‘අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ්ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. එහෙත් එකම දෙවිඳෙකුට හැර (අන් කිසිවෙකුට) නැමදීමට ඔවුහු අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.’ (යන තේරුම දෙන අල් කුර්ආන් 9:31 වන) පාඨය කියවනු තමන්ට ඇසුණු බව දන්වමින් හෙතෙම: ‘සැබැවින්ම අපි ඔවුන් නමදින්නන් නොවෙමු’ යැයි පවසා සිටියෙමි. එවිට එතුමා ‘අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් තහනම් කර; පසු ව නුඹලා ද එය තහනම් නොකරන්නෙහුද? එමෙන්ම අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් අනුමත කර; පසු ව නුඹලා ද එය අනුමත නොකරන්නෙහුද?’ එවිට මම ‘එසේය’ යැයි පිළිතුරු දුනිමි. ‘එයයි ඔවුනට නැමදුම් කිරීම’ යැයි පැවසීය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]
යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන්, සැබැවින්ම ඔවුන්ගේ විද්වතුන් හා ඔවුන්ගෙන් අදහන්නන් දෙවියන් ලෙස තමන් පත් කර ගෙන ඇති බවත් අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ වන දෑ ඔවුන් වෙනුවෙන් දහම්ගත කර ඇති බවත් එහිදී ඔවුන් ඔවුන්ව පිළිපදින බවත් තොරතුරු සඳහන් වන දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සද්ගායනා කළ මෙම පාඨයට කීර්තිමත් මෙම සහගාමියා සවන් දුන් අවස්ථාවේ, එහි අර්ථය පිළිබඳ ගැටලුවක් ඔහුට ඇති විය. සැබැවින්ම ඔහු සිතුවේ නැමදුම යනු සිරස නැමීම හා එවන් කටයුතුවලට පමණක් සීමාවූවක් බවයි. එවිට දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම විද්වතුන් හා ආගමික නායකයින් නැමදීම යනු උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිතියට පටහැනිව ඔවුන් අනුමත කළ දෑ තහනම් කිරීමෙහි හා තහනම් කළ දෑ අනුමත කිරීමෙහි ඔවුනට අවනත වීමයි. යනුවෙනි.