عن ابن عباس رضي الله عنهما في قول الله تعالى : (وَقَالُوا لا تَذَرُنَّ آلِهَتَكُمْ وَلا تَذَرُنَّ وَدًّا وَلا سُوَاعًا وَلا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا) قال: "هذه أسماء رجال صالحين من قوم نوح، فلما هَلَكوا أَوحى الشَّيطان إلى قَومِهِم أنِ انْصِبُوا إلى مَجَالِسِهِم الَّتي كانوا يَجْلِسون فيها أنصَابًا، وسَمُّوها بأسمَائِهِم، فَفَعَلُوا، ولم تُعْبَد، حتَّى إِذَا هَلَك أُولئك ونُسِيَ العلم عُبِدت".
[صحيح] - [رواه البخاري]
المزيــد ...
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.” (අල් කුර්ආන් 71:23) යන අල්ලහ්ගේ ප්රකාශය ගැන ඉබ්නු අබ්බාස් තුමා: මේවා නූහ් තුමාගේ ප්රජාවේ දැහැමියන් අතර සිටි මිනිසුන්ගේ නම් වෙති. ඔවුන් නැසී ගිය කල්හි, ෂෙයිතාන් ඔවුන්ගේ සමූහයා වෙත ඔවුන් වාඩි වී සිටි ඔවුන්ගේ සභාවන්හි (සංඛේතවත් කරමින්) ස්මාරක සිටවා ඔවුන්ගේ නම් ඒවාට යොදන මෙන් සැළ කළේය. ඔවුහු එසේ සිදු කළහ. ඒවා නැමදුමට ලක් වූයේ නැත. නමුත් ඔවුන් ද නැසී ගිය පසුව එම සංඛේතවත් කිරීම අමතක වී ඒවා නැමදුම් ලක්විය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙම ශුද්ධ වැකිය විස්තර කර සිටියේ: සැබැවින්ම අල්ලාහ් මෙනෙහි කළ මෙම දෙවිවරුන් නූහ් (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ්ට ආදේශ කිරීමෙන් එතුමාගේ ජනයා ව වැළැක් වූ පසු, ඒවාට නැමදුම් කිරීමෙහි ඔවුහු අඛණ්ඩව නිරත වී සිටි බවයි. මේවා ඔවුන් අතර සිටි දැහැමි පුද්ගලයින්ගේ නම් වේ. ෂෙයිතාන්ගේ පෙළඹවීම ඔස්සේ ඔවුන්ගේ පිළිරූ සිටවන තෙක් ඔවුහු ඔවුන් අතර අතිශයෝක්තියෙන් කටයුතු කළෝය. ඒ අනුව මෙම පිළිරූ අල්ලාහ් හැර නැමදුම් ලබන පිළිම බවට පත්වීමේ නැඹුරුතාව ඇති විය.