عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : "لا عدوى وَلَا طِيَرَةَ، وَيُعْجِبُنِي الفَأْلُ. قالوا: وما الفأل؟ قال: الكلمة الطيِّبة".
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි එතුමාණෝ පැවසූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

යහපත හා අයහපත අල්ලාහ්ගේ නියමය අනුව සිදුවන්නකි. එසේ තිබියදී ආසාදනයක බලපෑම් ඉබේ ඇති නොවන බවත් අසුභවාදයේ බලපෑම් ඇති නොවන බවත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ප්රකාශ කළ අතර සුභවාදීව සිතීම හා යහපත පැතීම එතුමාණන් අනුමත කළේය. ඊට හේතුව සුභවාදීව සිතීම අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කිරීමකි. අසුභවාදය හා අශුභ සිතුවිල්ලට පටහැනිව, අපේක්ෂිත දේ සාක්ෂාත් කර ගැනීමේ අධිෂ්ඨානය සඳහා දිරිගැන්වීමකි. සුභවාදය හා අසුභවාදය අතර වෙන් කරන කරුණු විවිධ අයුරින් පිහිටනු ඇත. ඒවායින් වඩාත් වැදගත් වන්නේ. 1. ශුභවාදය පවතිනුයේ සතුටුදායක කරුණුවලදීය. අශුභවාදය එය නපුරුදායක කටයුතුවලදී මිස සිදුවන්නේ නැත. 2. ශුභවාදය එහි අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරයි. ගැත්තා අල්ලාහ් පිළිබඳ යහ සිතුවිලි ඇති කර ගැනීම සඳහා නියෝග කරනු ලැබ ඇත්තේය. අසුභවාදය වනාහි එහි අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කරවයි. ගැත්තා අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමෙන් තහනම් කරන ලදී.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර