+ -

عَن زَيْدِ بْنِ خَالِدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ جَهَّزَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ فَقَدْ غَزَا، وَمَنْ خَلَفَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ بِخَيْرٍ فَقَدْ غَزَا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2843]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2843]

විවරණය

කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුට අවශ්‍ය ගමන් පහසුකම් මෙන්ම ඔහුට අවශ්‍ය ආයුධ, ප්‍රවාහන පහසුකම්, ආහාර, වියහියදම් හා එවැනි අවශ්‍යතා සපුරා දුන්නේද ඔහු ද රණ ශූරයකුගේ නිලයට පත් වන්නේය. යුද්ධයේ ප්‍රතිඵල ඔහු ද ලබනු ඇත.
එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ කටයුතු භාරගෙන ඔහු වෙනුවට ඔහු නොමැති කාලය තුළ ඔහුගේ පවුල රැකබලා ගත්තේ ද සැබැවින්ම ඔහු ද රණ ශූරයාගේ නිලයෙහි සිටිනු ඇත.

හදීසයේ හරය

  1. යහපත කිරීම සඳහා අන්‍යෝන්‍ය ලෙස උදව් උපකාර කිරීම සඳහා මුස්ලිම්වරුන් දිරිගැන්වීම.
  2. ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: මුස්ලිම්වරුන් වෙනුවෙන් යහපත සලසන්නන් හට උපකාර කිරීමට හා ඔවුන්ගේ වැදගත් කටයුත්තක් භාර ගෙන ඒ සම්බන්ධව කටයුතු කිරීමට මෙම හදීසයේ දිරිගන්වා ඇත.
  3. පොදු රීතිය නම්: අල්ලාහ්ට අවනත වන යම් කටයුත්තක නිරත වන තැනැත්තෙකුට යමෙක් උදව් කළේ නම් ඔහුට හිමි ප්‍රතිඵලය හා සමාන ප්‍රතිඵලයක් ඔහුගේ කුසලින් කිසිවක් අඩු නොකර ම මොහුට ද හිමි කර දෙනු ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية Kinyarwanda الرومانية المجرية الموري Malagasy Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර