1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?

عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: قال رجلٌ: أي الناسِ أفضل يا رسول الله؟ قال: «مؤمنٌ مجاهدٌ بنفسِه ومالِه في سبيل الله» قال: ثم مَن؟ قال: «ثم رجلٌ معتزلٌ في شِعب من الشِّعَاب يعبدُ ربَّه، ويدعُ الناسَ من شره». وفي رواية: «يتقِي اللهَ، ويدعُ الناسَ مِن شَره».

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙක්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?’ යැයි විමසීය. එතුමාණෝ: “අල්ලාහ්ගේ මාර්ගයේ තමන් හා තම ධනය කැප කරන දේව විශ්වාසී තැනැත්තා” යැයි පැවසූහ. පසුව කවුරුන්දැ?යි විමසීය. එතුමාණෝ: “කදු කපොල්ලක හුදකලාවේ තම පරමාධිපතිට නැමදුම් කරමින් තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ.” යැයි පැවසූහ. තවත් වාර්තාවක සඳහන් පරිදි: “අල්ලාහ්ට බැතිමත්ව තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ යැයි” සඳහන්ව ඇත.

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්ය

විවරණය

මිනිසුන් අතරින් වඩාත් ශ්රේෂ්ඨයා කවුරුන්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා තම ජීවිතය කැපකරමින් කටයුතු කරන මිනිසා යැයි පැහැදිලි කර සිටියේය. පසුව කවරෙකු දැ?යි විමසන ලදී. එතුමා අල්ලාහ්ට නැමදුම් කරන ජනයාගෙන් හානිය වළක්වාලන පුද්ගලයා යැයි පැවසූහ. එනම් ඔහුගෙන් කිසිදු හානියක් ජනයාට අත්වීම ඔහු ප්රිය කරන්නේ නැත.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
PT Português البرتغالية