عَنْ أَبِي يَعْلَى شَدَّادِ بْنِ أَوْسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا القِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذِّبْحَةَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ යඃලා ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මරණ දඬුවම විධිමත්ව ක්‍රියාත්මක කරන්න. ඔබ සත්වයකුගේ ගෙල සිඳන විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද ඔබ අතරින් කෙනෙකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය."

صحيح رواه مسلم الأربعون النووية - 17

විවරණය

සියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය.
අපරාධයක සම ප්‍රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්‍රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය.
ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.

හදීසයේ හරය

  1. මැවීම් කෙරෙහි වූ සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රිය.
  2. මරණ දඬුවම හා ආහාරය සඳහා සතුන් කපා හැරීම විධිමත් විය යුත්තේ ආගමානුගත කරන ලද ක්‍රමයට අනුගත වීමෙනි.
  3. ෂරීආ පිළිවෙතහි පවතින පූර්ණත්වය හා සියල්ල ආවරණ කර තිබීම. ඒ අතරින් සතුන්ට කරුණාව හා මෛත්‍රිය දැක්වීම ද ඇතුළත් වේ.
  4. මිනිසෙකුට මරණ දඬුවම දීමෙන් පසු ඔහුගේ සිරුරු විකෘති කිරීමේ තහනම.
  5. සතුන්ට වේදනා දෙන සෑම ක්‍රමයක්ම තහනම් කිරීම.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو