1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

නබි වදනක් ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය

عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
«بَيْنَمَا جِبْرِيلُ قَاعِدٌ عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ نَقِيضًا مِنْ فَوْقِهِ، فَرَفَعَ رَأْسَهُ، فَقَالَ: هَذَا بَابٌ مِنَ السَّمَاءِ فُتِحَ الْيَوْمَ لَمْ يُفْتَحْ قَطُّ إِلَّا الْيَوْمَ، فَنَزَلَ مِنْهُ مَلَكٌ، فَقَالَ: هَذَا مَلَكٌ نَزَلَ إِلَى الْأَرْضِ لَمْ يَنْزِلْ قَطُّ إِلَّا الْيَوْمَ، فَسَلَّمَ، وَقَالَ: أَبْشِرْ بِنُورَيْنِ أُوتِيتَهُمَا لَمْ يُؤْتَهُمَا نَبِيٌّ قَبْلَكَ: فَاتِحَةُ الْكِتَابِ، وَخَوَاتِيمُ سُورَةِ الْبَقَرَةِ، لَنْ تَقْرَأَ بِحَرْفٍ مِنْهُمَا إِلَّا أُعْطِيتَهُ».

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් ප්‍රකාශ කරන ලදී.
"ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී තමන්ට ඉහළින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව තම හිස ඔසවා මෙසේ පැවසීය: "මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් මලක්වරයකු පහළ විය. එවිට ඔහු: 'මහපොළොව වෙත පහළ වූ මෙම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත.' පසුව සලාම් පවසා මෙසේ පැවසීය: 'ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය."

صحيح رواه مسلم صحيح مسلم - 806

විවරණය

ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී දොරක් විවෘත කළ විට මතු වන හඬක් මෙන් අහසින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තම හිස ඔසවා අහස දෙස බලා පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙසේ පැවසීය: මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් සුරදූතයකු මහපොළොවට පහළ විය. එම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත. පසුව එම මලක්වරයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා මෙසේ පැවසීය: ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසාන වැකි දෙකය. පසුව එම මලක්වරයා මෙසේ පැවසීය: 'ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඒ දෙකෙහි ඇති යහපත ප්‍රාර්ථනාව හා ඉල්ලීම ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය.

හදීසයේ හරය

  1. සූරා අල්-ෆාතිහා හා සූරා අල් බකරාහි අවසාන වැකිවල ඇති මහිමය. ඒ දෙක පාරායනය කිරීමට හා ඒ දෙක තුළ ඇති දෑට අනුව ක්‍රියා කිරීමට උනන්දු කරවීම.
  2. අහස වනාහි, එයට දොරටු ඇත. ඒවා මගින් දිව්‍ය නියෝග පහළ වනු ඇත. උත්තරීතර අල්ලාහ්ගේ නියෝගයෙන් හැර එය විවෘත වන්නේ නැත.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාතිහාර්යය ගැන විස්තර කිරීමකි. පෙර සිටි සියලු නබිවරුන් ගරු නොකරන පරිදි එතුමාණන්ව අල්ලාහ් ගරු කර ඇත. එබැවින් මෙම ආලෝක දෙක ඔහුට පිරිනමා ඇත.
  4. අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ එක් මාර්ගයක් නම් යහපත ගැන සුභාරංචි දන්වා සිටීමය.

අර්ථ කථන නිරීක්ෂණය

37 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية